Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී උඩගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 54 ක ජයක් ලබාගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ චේතිය ඒකනායක (114) ශතකයක් සහ දිමුතු චන්ද්‍රසේන (74) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමෝද් රාජපක්ෂ ලකුණු 108 කට කඩුලු 8 ක් සහ , දිමුතු චන්ද්‍රසේන ලකුණු 69 කට කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
උඩගම ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.3 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(උදය වික්‍රමසිංහ 55, ගයාන් ලක්මාල් 50, ලසිත ගුණතිලක 39, රොරල් මේඝා 30, චමෝද් රාජපක්ෂ 82/4, දිමුතු චන්ද්‍රසේන 43/3, නිශාන් ලක්ෂිත 09/2)
ආනන්ද මෛත්‍රී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 358
(චේතිය ඒකනායක 114, දිමුතු චන්ද්‍රසේන 74, ගෞරව වික්‍රමසිංහ 40, ප්‍රවීන් ගොඩකුඹුර 39, රංදුල බොතේජූ නොදැවී 26, චමෝද් රාජපක්ෂ 25, ජනිඳු ජයසුන්දර 95/4, ලක්ෂාන් කුමාර 29/4)
උඩගම ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී සියලුදෙනා දැවී ලකුණු 80
(ලසිත් ගුණතිලක 34, උදය සම්පත් 22, චමෝද් රාජපක්ෂ 26/4, ශශික කරුණාරත්න 20/3, දිමුතු චන්ද්‍රසේන 26/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.