අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ වරාය අධිකාරිය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 2 ක් දැවී ලකුණු 335 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය.
ශතක රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අශේන් සිල්වා (නොදැවී 125) සහ සචිත්ර සේරසිංහ (නොදැවී 130) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 215 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
සචිත්ර සේරසිංහ පන්දු 168 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 130 ක් රැස්කර ඇති අතර පන්දු 281 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 125 ක් රැස්කිරීමට අශේන් සිල්වා සමත්විය.
‘ඒ’ ශ්‍රේණියේ යටතේ තවත් තරග 5 ක් අද ආරම්භවූ අතර එහිදි ලකුණු 300 සිමාව පසුකර යෑමට රාගම සහ සැරසන්ස් කණ්ඩායම් සමත්වූහ.
සැරසන්ස් කණ්ඩායමේ හර්ෂ කුරේ (නොදැවී 108) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මූවර්ස් කණ්ඩායම නියෝජනය කරන තරිඳු රත්නායක එන්.සි.සි. කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
වරාය අධිකාරිය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 335/2
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 335
(අශේන් සිල්වා නොදැවී 125, ඕෂධ ප්‍රනාන්දු 65, සචිත්ර සේරසිංහ නොදැවී 130)
එන්.සී.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
බදුරලිය 147, එන්.සී.සී. 42/0
බදුරලිය - පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(සංජය චතුරංග 28, අලංකාර අසංක 25, චතුරංග ද සිල්වා 28/3, ලසිත් ඇඹුල්දෙණිය 33/3, ළහිරු කුමාර 45/2)
එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 15 කදී කිසිවකු නොදැවී ලකුණු 42
(මහේල උඩවත්ත නොදැවී 25)
බ්ලූම්ෆීල්ඞ් සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
රාගම 312/9
රාගම - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 312
(ළහිරු මිලන්ත 38, ළහිරු තිරිමාන්න 62, රොශේන් සිල්වා 59. සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, කසුන් රාජිත 80/3, මලිත් ද සිල්වා 86/2, රමේෂ් මෙන්ඩිස් 82/2, ළහිරු සමරකෝන් 51/2)
බී.ආර්.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව 232, බී.ආර්.සී. 106/1
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 232
(දිල්ශාන් ද සිල්වා 50, හිමාෂ ලියනගේ 21, කසුන් ද සිල්වා 21, සීක්කුගේ ප්‍රසන්න 45, තිලකරත්න සම්පත් 40/4, චාමිකර එදිරිසිංහ 70/3, සුරාජ් රංදීව් 39/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 27 කදී කඩුල්ලක් දැවී ලකුණු 106
(ලසිත් ලක්ෂාන් නොදැවී 61, ලිසුල ලක්ෂාන් නොදැවී 33)
සී.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් 347/5
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 69 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 347
(තනුක දාබරේ 72, මොහොමඞ් ජලීල් 82, හර්ෂ කුරේ නොදැවී 108, ප්‍රමෝද් මදුවන්ත 29)
එස්.එස්.සී. සහ මූවර්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. 199, මූවර්ස් 124/7
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(මිනෝද් භානුක 36, දසුන් ශානක 75, තරිඳු රත්නායක 71/5, ශිරාන් ප්‍රනාන්දු 56/3)
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 124
(ප්‍රිමෝෂ් පෙරේරා 27, චාමර සිල්වා 32, ජෙෆ්රි වැන්ඩසේ 30/3, සචිත්ර සේනානායක 27/2, විමුක්ති පෙරේරා 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.