Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අශේන් - ශෙහාන් ශතක ලබති

අශේන් - ශෙහාන් ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ අවසන් සති අන්තයේ තීරණාත්ම තරගයක් වන එස්.එස්.සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 8 ක් දැවී ලකුණු 337 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය.

අශේන් සිල්වා සහ ශෙහාන් ජයසූරිය පළමු කඩුල්ල සදහා ලකුණු 245 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් හලාවත මේරියන්ස් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියද ලකුණු 92 ක් තුළ කඩුලු 8 ක් බිඳ වැටීම හේතුවෙන් ගමන මදක් අඩාලවිය.

ශෙහාන් ජයසූරිය පන්දු 159 කට මුහුණ දෙමින් හයේ පහර පහක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 146 ක් රැස්කළ අතර අශේන් සිල්වා පන්දු 227 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.
අක්තාබ් කාදර් සහ සචිත්‍ර සේනානායක කඩුලු තුන බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කෝල්ට්ස් සහ එන්.සී.සී. කණ්ඩායම් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, රාගම සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී සහ වරාය අධිකාරිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීත් අද ආරම්භ විය.

එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර (නොදැවී 126) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සහ බී.ආර්.සී. කණ්ඩායමේ හිමේෂ් රාමනායක කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 337/8

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 337
(අශේන් සිල්වා 105, ශෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රසිත් උපමාල් 24, අක්තාබ් කාදර් 69/3, සචිත්‍ර සේනානායක 91/3)

 

කෝල්ට්ස් සහ එන්.සී.සී. කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 127, එන්.සී.සී. 251/0

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලසිත් ඇඹුල්දෙණිය 33/5, ළහිරු කුමාර 26/4)
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 52 කදී කිසිවකු නොදැවී ලකුණු 251
(ළහිරු උදාර නොදැවී 126, භානුක රාජපක්ෂ නොදැවී 121)

 

රාගම සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

රාගම 129, බී.ආර්.සී. 110/6

රාගම - පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(ළහිරු මිලන්ත 23, අක්ශු ප්‍රනාන්දු 41, හිමේෂ් රාමනායක 29/5, සුරාජ් රංදීව් 27/2)
බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 110
(ලසිත් ලක්ෂාන් 35, හිමේෂ් රාමනායක නොදැවී 20, ශශින් දිල්රංග 20, ඉෂාන් ජයරත්න 32/3, නිශාන් පිරීස් 06/2)

 

වරාය අධිකාරිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් 244/6

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 244
(තනුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මොහොමඞ් ජලීල් 56, ගමිඳු අමරසිංහ 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 38, චරිත් ජයම්පති 34/3)

 


අදහස් (0)

අශේන් - ශෙහාන් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.