Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් වටයේ තරග 3 ක් අද
අබුඩාබි දහයයි-10

අවසන් වටයේ තරග 3 ක් අද

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 තරගාවලියේ අවසන් වටයේ තරග 3 ක් අද (8 වැනිදා) රාත්‍රියේදී පැවැත්වෙන අතර ඊට සුදුසුකම් ලැබීමේ තරග 2 ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ඇතුළත් වේ. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන්නේ හෙට (9 වැනිදා) පස්වරු 7.30 ටය. 

මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හි රැදී සිටි මොරිස්විල් සෑම්ප් ආමි, නිව්යෝක් ස්ට්‍රයිකර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ බංග්ලා ටයිගර්ස් යන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලැබීය. 

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහිව නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද පස්වරු 5.00 ට තරග බිමට පිවිසෙනු ඇත.

එම තරගයෙන් ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම, දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී පරාජයට පත්කළ යුතුය.

පිළිමළුන් පිටුදැකීමේ තරගය ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර අද පස්වරු 7.30 ට පැවැත්වෙන අතර ඉන් ජය ලබන කණ්ඩායම සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම අතර දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අද පස්වරු 10.00 ට පැවැත්වේ. 

අවසන් වටයට සුදුසුකම් ලබා සිටින ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන අතර පැතුම් නිස්සංක බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටත්, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරති. 

දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද, කුසල් ජනිත් පෙරේරා නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළ නමුත්, අද ආරම්භ වූ අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගි වීම සඳහා යළි ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන්ට මෙම තරගාවලියේ අවසන් වටයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත. 

-036 


අදහස් (0)

අවසන් වටයේ තරග 3 ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.