Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව වටය අනිද්දා

අවසන් පූර්ව වටය අනිද්දා

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය සංවිධානය කරන අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගම්පහ රත්නාවලී, රත්ගම දේවපතිරාජ, නුගේගොඩ අනුලා සහ වාද්දුව මැදි විදුහල් සමත් ව සිටිති. 

අනිද්දා (30 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගවලදී රත්නාවලී බාලිකා විදුහලට එරෙහිව වාද්දුව මැදි විදුහල කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදීද, දේවපතිරාජ විදුහලට එරෙහිව අනුලා විදුහල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසීමට නියමිතය.

අවසන් මහ තරගය මැයි මස 2 වැනිදා කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  
ඉකුත් වසරේදී (2021) පැවැති අන්තර් පාසල් බාලිකා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ ක්‍රීඩිකාවෝ සමත් වූහ. එවර අනු ශූරතාව හිමිකරනු ලැබුවේ වාද්දුව මැදි විදුහල් ක්‍රීඩිකාවන් විසිනි. 

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල 

රත්නාවලී බාලිකා විදුහලට කඩුලු 9 ක ජයක් 
අනුර මහ විදුහල - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 74 
(විදුෂිකා පෙරේරා 18/4, නිකේෂා විජේසේකර 15/2) 
රත්නාවලී බාලිකා විදුහල - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 75 
(විෂ්මි ගුණරත්න නොදැවී 28, හසිනි වීරසිංහ 21) 

වාද්දුව මැදි විදුහලට ලකුණු 165 ක ජයක් 
වාද්දුව මැදි විදුහල - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී 310 
(තරුෂි සංජනා නොදැවී 106, නවෝද්‍යා නෙත්මිනි 81, සෙවින්දි නිමල්ෂා 41, නෙත්මි පූර්ණිමා 21) 
විජයබාහු මහ විදුහල - ඕවර 30 කදී කඩුලු 8 ක් දැවී 145 
(සෙව්මිණී සසිකලා 80, රෂිනි නදීෂිකා 14/2, නෙත්මි පූර්ණිමා 27/2) 

දේවපතිරාජ විදුහලට ලකුණු 107 ක ජයක් 
දේවපතිරාජ විදුහල - ඕවර 30 කදී කඩුලු 9 ක් දැවී 207 
(ඉමේෂා දුලානි 85, රෂ්මි නෙත්‍රාංජලී 29, මහින්සා නෙත්මිනි 22, සප්නා මධුභාෂිණී 22, මනුදි දුලංසා 27/2, ඉමේෂා චලනි 34/2, හරිනි නෙලිත්මා 38/2, මිහිදි දනුදිනී 48/2) 
වේල්ස් කුමරි විදුහල - ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 100 
(මනුදි දුලංසා 22, කාව්‍යා කාවින්දි 08/2, ඉමේෂා දුලානි 14/2, ස්වප්නා මධුභාෂිණී 24/2) 

අනුලා විදුහලට කඩුලු 9 ක ජයක් 
ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල - ඕවර 26 කදී සියලු දෙනා දැවී 45 
(හෂිනි ලියනගේ 09/3, ඉමල්ෂි යසාරා 11/3, හිමාෂා පෙරේරා 03/2) 
අනුලා විදුහල - ඕවර 3.5 කදී කඩුල්ලක් දැවී 49 


අදහස් (0)

අවසන් පූර්ව වටය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.