වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය පරදවා කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝසප් වාස් විද්‍යාලීය පිතිකරුවෝ ඕවර 20.1 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්වූහ.
අංජන රුක්මාල් අර්ධ ශතකයක් (නොදැවී 56) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ට ඕවර 30.5 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98 ක් පමණි.
ලකුණු 33 ක් රැස්කළ ජේ.ඒ. ජයසිංහ සඳලංකා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවූ අතර අවිඳු ශෙහාන් ලකුණු 6 කට කඩුලු 4 ක් සහ ඇන්ටන් චමෝද් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය එක් පිලකට ඕවර 35 කට සීමාවිය.
සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී ලකුණු 98
(ජේ.ඒ. ජයසිංහ 33, අවිඳු ශෙහාන් 06/4, ඇන්ටන් චමෝද් 21/3)
ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය - ඕවර 20.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 101
(අංජන රුක්මාල් නොදැවී 56, නිපුන් ධනංජය 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.