Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 120 ක ජයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නිමේෂ් ද සිල්වා අර්ධ ශතකයක් සහ කඩුලු 8 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර දසුන් ද සිල්වා අර්ධ ශතකයක් සහ කවිඳු රාජපක්ෂ කඩුලු 6 ක් දවාගනිමින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.
තිමර මල්ෂාන් කඩුලු 6 ක් දවාගනිමින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 311
(දසුන් ද සිල්වා 70, නිමේෂ් ද සිල්වා 53, විකුම් ජයසේකර 42, සචිඳු ද සිල්වා 40, කවිඳු රාජපක්ෂ 29, සොහාන් ද ලිවේරා 25, සසිඳු ද සිල්වා 22, තිමර මල්ෂාන් 76/6, අවිශ්ක දිල්ශාන් 38/2, ඉසුරු අවින්ද 82/2)
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - ඕවර 22.3 කදී සියලුදෙනා දැවී ලකුණු 78
(ඉසුරු අවින්ද 26, පසිඳු අනුවන් 22, නිමේෂ් ද සිල්වා 10/5, කවිඳු රාජපක්ෂ 21/3)
ආනන්ද ශාස්ත්‍රාලය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(දනජ සඳලිඳු 29, කවිඳු රාජපක්ෂ 19/3, නිමේෂ් ද සිල්වා 28/3, චමිඳු අනුෂ්ක 2042, විකුම් ජයසේකර 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.