Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුරාධපුර මැදි විදුහලට ජගත් දැවැන්ත ජයක් ගෙනෙයි

අනුරාධපුර මැදි විදුහලට ජගත් දැවැන්ත ජයක් ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජගත් සඳරුවන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා අන්තර් පාසල් 19 පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සමග අනුරාධපුරේදී පැවැති තරගයකින් ලකුණු 302 ක පහසු ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත්විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 406 ක ඉලක්කයක් හඹාගිය පිළියන්දල මැදි විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි.

අනුරාධපුර මැදි විදුහලේ ජගත් සඳරුවන් ලකුණු 104 ක් රැුස්කරමින් තම කණ්ඩායමේ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 313 ක් දක්වා ඔසවා තැබු අතර අජිත් සඳරුවන් (67) අර්ධ ශතකයක් රැස්කරමින් ඔහුට මනා සහයක් දුන්නේය.

පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්වූ ජගත් සඳරුවන් ලකුණු 17 කට පිළියන්දල මැදි විදුහලේ දෙවැනි ඉනිමේ කඩුලූ 4 ක් බිඳහෙලද්දී, කසුන් වීරංග ලකුණු 62 කට කඩුලූ 9 ක් බිඳහෙලමින් පිළියන්දල මැදි විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූවේය.

අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 146
(සංදීප් නිසංසල 43, කසුන් වීරංග 30, චතුෂ්ක සේනානායක 22, කේෂාන් මධුසංක 39/4, දසුන් විමුක්ති 19/3)

පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 54
(ගීත් කුමාර 14, මදුෂාන් ගෝමස් 13, හසිත්  ඕෂජිත් 11, කසුන් වීරංග 25/7)

අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම කඩුලූ 7 කට 313
(ජගත් සඳරුවන් 104, අජිත් සඳරුවන් 67, කසුන් වීරංග 33, මහේෂ් ශෂික 31, තරංග වීරරත්න 92/2, හසංක මධුරංග 49/2)

පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 104
(ධනුක හර්ෂණ 25, දසුන් විමුක්ති 20, ජගත් සඳරුවන් 17/4, දිල්ෂාන් චාමික 9/2, කසුන් වීරංග 37/2)

036


අදහස් (0)

අනුරාධපුර මැදි විදුහලට ජගත් දැවැන්ත ජයක් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.