Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අධි ආරක්‍ෂිත ජෛවගෝලයක්

අධි ආරක්‍ෂිත ජෛවගෝලයක්

editorial - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ජෛවගෝලයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම ජෛවගෝලය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිතව දක්වා ඇති දැඩි මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

“එල්.පී.එල් තරග පැවැත්වෙන පරිශ්‍රය තුළ නිර්මාණය කර ඇති මෙම ජෛව ආරක්ෂිත බුබුල ලොව පුරා පැවැත්වෙන ඉහළ පෙළේ තරගාවලි සඳහා එක්කර ගනු ලබන ලබන පද්ධතියක්. එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේදී ද මෙම ක්‍රමය භාවිතා කරනු ලබනවා” යයි ජෛව ආරක්ෂිත බුබුල පිළිබඳව එල්.පී.එල්. තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

එල්.පී.එල්. තරගාවලියට යොදා ඇති ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට සහභාගිවන සෑම විදෙස් ක්‍රීඩකයකුම පැය 72 ක පරතරයකින් යුක්ත වූ පී.සී.ආර්. පරීක්ෂණ 2 කට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසරය ලැබේ. එමෙන්ම ඔවුන් මෙරටට පැමිණීමේදී නැවතත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන ක්‍රීඩකයින් සමස්ත තරගාවලිය පුරාම අවම වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 10 කට මුහුණ දියයුතු වේ.

තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධව පත්කර සිටින නිලධාරීන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ ගණනාවකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
අදාළ පරීක්ෂණවලදී යම් ක්‍රීඩකයකුට හෝ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සාධක පෙන්නුම් කළහොත්, ඔහු හෝ ඇයව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කරන ලද අතරමැදි සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනු ඇත.

එල්.පී.එල්. තරගාවලියේ ආරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා සකස් කරන ලද ජෛව ආරක්ෂිත බුබුල හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීම හරහා ආසාදනය වූ පුද්ලයාව ඉක්මනින් හඳුනාගැනීමේ හැකියාව උදාවන බව ක්‍රිකට් ආයතනය පෙන්වාදී තිබේ. මෙම දැඩි ආරක්‍ෂණ ප්‍රතිපත්ති හේතුවෙන් තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් දෙදෙනකුටම මේ වන විටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ජෛව ආරක්ෂිත බුබුල සඳහා සෑම කණ්ඩායමක් ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙකු නම් කර ඇති අතර සෙසු පිරිස අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරු දෙදෙනෙක් රාජකාරිවල නියැළී සිටිති.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරියක වන දමින්දා අත්තනායක මහත්මිය අදාළ වෛද්‍ය කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලබන්නීය. ජෛව ආරක්ෂිත බුබුලේ ආරක්ෂාව පිළිබඳ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අතර එහි අභ්‍යන්තර වළල්ල යුද හමුදා කමාන්ඩෝ භටයින් විසින් පවත්වාගෙන යනු ලබයි.

මෙම තරගාවලිය සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරු සහ ඔවුන්ගේ කණ්ඩායම් විසින් මේ සියලු කටයුතු අධීක්ෂණය කරනු ලබති.

- 2079


අදහස් (0)

අධි ආරක්‍ෂිත ජෛවගෝලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.