Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව තරග මේ මස 10 වැනිදා සිට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව තරග හතරම ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර තරගය පළමු තරගය මේ මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
අවසන් පූර්ව තරග ලබන 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව පැවැත්වෙන බව පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි.
අර්ධ අවසන් පූර්ව තරග කාල සටහන
- අගෝ. 10 වැනිදා - මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර
- අගෝ. 11 වැනිදා - මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර
- අගෝ. 12 වැනිදා - කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර
- අගෝ. 13 වැනිදා - කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.