Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket II වැනි කාණ්ඩයට පාසල් 35 ක්

II වැනි කාණ්ඩයට පාසල් 35 ක්

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 17 න් පහළ II කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලිය කණ්ඩායම් 35 ක සහභාගීත්වයෙන් මෙම මාසය තුළදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සීමිත  ඕවර තරගාවලියක් ලෙස පැවැත්වේ.

පළමු වටයේදී කණ්ඩායම් 35 කාණ්ඩ 8 යටතේ තරග වැදීමට නියමිත අතර ඒ අතුරින් දෙවැනි වටට සඳහා කණ්ඩායම් 20 ක් තොරාගනු ලැබේ.

දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 20 කාණ්ඩ 4 ක් යටතේ ලීග් ක‍්‍රමයට තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩ අටේ ශූරයන් සහ අනුශූරයන් වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායමත්, අනුශූරතාව හිමිකරගැනීමට වාද්දුව මැදි විදුහලත් සමත් විය.

එම වසරේ පැවැති III වැනි කාණ්ඩයේ තරගාවලියේ සම ශූරයන් බවට පත්වූ පින්දෙණිය ජාතික පාසල සහ පන්නල ජාතික පාසල මෙවර II වැනි කාණ්ඩයේ තරගාවලියේදී තරග වැදීම සඳහා  සුදුසුකම් ලබා තිබේ.

‘ඒ’ කාණ්ඩය -
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම, දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල, කොළඹ වේළුවන විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම

‘බී’ කාණ්ඩය -
පාදුක්ක සිරි පියරතන විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම, රාගම බැසිලිකා විදුහල සහ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල

‘සී’ කාණ්ඩය -
කොට්ටාව ආනන්ද විදුහල, කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම, මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සහ රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද විදුහල

‘ඞී’ කාණ්ඩය -
හේනෙගම මැදි විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, මීගමුව හරිස්චන්ද්‍ර විදුහල සහ පින්දෙණිය ජාතික පාසල

‘ඊ’ කාණ්ඩය -
කුරුණෑගල මලියදේව ආදර්ශ ජාතික පාසල, වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, අකුරණ අසාර් විදුහල සහ පන්නල ජාතික පාසල

‘එෆ්’ කාණ්ඩය -
කරන්දෙණිය මැදි විදුහල, හොරණ තක්ශිලා විදුහල, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැදි විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල

‘ජී’ කාණ්ඩය -
මඩකලපුව හින්දු විදුහල, බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර විදුහල, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල, කල්මුනේ සහිරා විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල

‘එච්’ කාණ්ඩය -
යාපනය හින්දු විදුහල, යාපනය ශාන්ත පැට්‍්‍රක් විදුහල, යාපනය මැදි විදුහල

 


අදහස් (0)

II වැනි කාණ්ඩයට පාසල් 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.