Last Update  :  2025-05-14 17:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket II වැනි කොටසේ අවසන් තරගය හෙට

II වැනි කොටසේ අවසන් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහ තරගය කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සහ වාද්දුව මැදි මහ විදුහල අතර හෙට (20 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායමේ නායකයා ලෙස දිනිත් සිල්වා ද, වාද්දුව මැදි මහ විදුහල් පිලේ නායකයා ලෙස ඩිල්ෂාන් වීරත්තන ද, කටයුතු කරති.

නාලන්දා විදුහල අවසන් පූර්ව තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම පරාජය කළ අතර වාද්දුව මැදි මහ විදුහල අවසන් පූර්ව තරගයේදී තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම පරාජය කළේය.


නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම:

දිනෙත් සිල්වා (නායක), රෂ්මික බණ්ඩාර, ළහිරු ද සිල්වා, මියුරු සංදීප, පසිඳු ලසංග, අවිෂ්ක ශාමෙන්, පුමුදිත විමලසිරි, හසිත සමරවීර, මධුෂාන් හසරංග, තනූජ පෙරේරා, හිරුණ පෙරේරා, කලන කත‍්‍රිආරච්චි, හිමේෂ් ලියනපතිරණ සහ ඒවින්ද හෙට්ටිආරච්චි..

පුහුණුකරු: කීර්ති ගුණරත්න මහතා,
කණ්ඩායම් භාර ආචාර්ය: සමන් හෙට්ටිආරච්චි මහතා.


වාද්දුව මැදි මහ විදුහල් කණ්ඩායම:

ඩිල්ෂාන් වීරරත්න (නායක), සඳුන් ලක්මාල්, නිලූපුල් දර්ශන, ළහිරු නිශාන්ත, කුසල් ගයාන්, චාමර මධුසංඛ, විමර්ශන දුල්ෂාන්, මල්ෂ ප‍්‍රසාද්, ෂෙහාන් මධුසංඛ, ශෂීන් දිල්තරු, දිමුතු ධනංජය, අමිල දුලංජිත් සහ චානුක ඩිල්ෂාන්

පුහුණුකරු: අජිත් පෙතන්ගොඩ මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: කෙනෙත් දිසානායක මහතා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


වාද්දුව මැදි මහ විදුහල් කණ්ඩායම

 

 


අදහස් (0)

II වැනි කොටසේ අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.