මෙම මස 9 සිට 20 දක්වා මැලේසියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස්ට හිමිවී තිබේ. උපනායකයා ලෙස කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ ජෙහාන් ඩැනියල් කටයුතු කරයි.
මෙම සංචාරය ඉතා වැදගත් බවත් ආසියාව ජයග්‍රහණය කර ලෝකය ජයගැනීමට වයස 19 න් පහළ කණ්ඩායමට දී ඇති අභියෝගය බවත් අද (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් හතරක් මෙම තරගාවලියට ක්‍රීඩා කරනවා. ඔවුන් සමගින් තරගවැදී අත්දැකීම් ලබාගනිමින් අපේ ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීමට වගේම ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසත් මෙම තරගාවලිය යොදාගත හැකියි” යයි සුමතිපාල මහතා පැවසීය.
“නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී බොහෝ ක්‍රීඩකයින් ඉදිරියට පැමිණේ යැයි අප විශ්වාස කරනවා” යයිද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.
අනු ශූරතාවයෙන් සැහීමකට පත්වී පසුගිය වතාවේ හිමිකර ගැනීමට නොහැකිවූ ආසියානු කුසලානය මෙවර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තමන් ඇුතුළු කණ්ඩායම බලාපොරොත්තුවන බව වයස 19 න් පහළ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් මාධ්‍ය හමුවේදී පැවසීය.
වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික පිට කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන සදහා නම් කරන සංචිතයෙන් ඉවත්කර තිලාන් රොෂාන් නම් කළ බව තේරීම් කමිටු සාමාජික ගාමිණි වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
.jpg)
ශ්‍රී ලංකා සංචිතය:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), අෂේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන්, නිෂාන් මතුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නවනිඳු ප්‍රනාන්දු, රන්දීර් රණසිංහ, තිසරු රෂ්මික, තිලාන් ප්‍රශාන්, ප්‍රවීන් ජයවික්‍රම, කළණ පෙරේරා සහ කේ. කේ. කෙවින්
පුහුණු කාර්යමණ්ඩලය
රෝයි ඩයස් (ප්‍රධාන පුහුණුකරු), චමින්ද වාස් (වේග පන්දු යැවීමේ පුහුණුකරු), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), අජිත් ඒකනායක (දඟ පන්දු යවන්නන් පුහුණුකරු), සංජීව ගමගේ - (භෞත චිකිත්සක), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), ප්‍රශාන්ත් නිලූක (වීඩියෝ විශ්ලේශක) සහ නිශාන්ත කුමාර (පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිත)
තරග කාලසටහන
‘ඒ’ කාණ්ඩය
නොවැම්බර් 10 - ඉන්දියාව සහ මැලේසියාව අතර කිනාරාහිදී
නොවැම්බර් 11 - බංග්ලාදේශය සහ නේපාලය අතර කිනාරාහිදී
නොවැම්බර් 12 - ඉන්දියාව සහ නේපාලය අතර බයුමාස්හිදී
නොවැම්බර් 13 - බංග්ලාදේශය සහ මැලේසියාව අතර බයුමාස්හිදී
නොවැම්බර් 14 - නේපාලය සහ මැලේසියාව අතර බයුමාස්හිදී
නොවැම්බර් 14 - ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආර්.එස්.සී.හිදී
‘බී’ කාණ්ඩය
නොවැම්බර් 10 - පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර බයුමාස්හිදී
නොවැම්බර් 10 - ශ්‍රී ලංකාව සහ බටහිර කළාපීය ජයග්‍රාහී කණ්ඩායම අතර ආර්.එස්.සී.හිදී
නොවැම්බර් 11 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බයුමාස්හිදී
නොවැම්බර් 12 - පාකිස්තානය සහ බටහිර කළාපීය ජයග්‍රාහී කණ්ඩායම අතර ආර්.එස්.සී.හිදී
නොවැම්බර් 13 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කිනාරාහිදී
නොවැම්බර් 14 - ඇෆ්ගනිස්තානය සහ බටහිර කළාපීය ජයග්‍රාහී කණ්ඩායම අතර කිනාරාහිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.