ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති 41 වැනි “කෝට්ටේ සටන” මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (10 වැනිදා) අවසන්විය.
පළමු දිනය නිමාවන විට ලකුණු 36 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම අද දිනයේදී කඩුලු 7 කට ලකුණු 206 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
ඊයේ දිනය අවසන් වනවිට දැඩි පීඩනයකට පත්ව සිටි ශාන්ත තෝමස් විදුහල එම පීඩනයෙන් මුදවාගත් චාරුක දිල්ශාන් (නොදැවී 72) සහ අරුත්ශ මනුල (නොදැවී 60) අර්ධ ශතක රැස්කරමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කනිෂ්ක මධුරංග කඩුලු 4 ක් සහ සම්පත් නිස්සංක කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ දෙවැනි සහ අවසන් දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල කඩුල්ලක් දැවී ලකුණු 14 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - පළමු ඉනිම - ඕවර 70.3 කදී සියලු දෙනා දැවී 205
(රිසින් ෂමින්ද ඉෂාර 79, බුද්ධික චමින්ද 38, කවිෂ්ක ගිහාන් බොතේජු 27, මලිදු පෙරේරා 39/3, මාරුත ඩිල්ෂාන් 59/2, කවින්ත පහන් 38/2)
ශාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම - ඕවර 63.3 කදී කඩුලු 7 ක් දැවී 206
(චාරුක දිල්ශාන් නොදැවී 72, අරුත්ශ මනුල නොදැවී 60, නදිෂ් බණ්ඩාර 21, කනිෂ්ක මධුරංග 72/4, සම්පත් නිස්සංක 63/2)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 2.2 කදී කඩුල්ලක් දැවී 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.