Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේමපාල ද සිල්වා අනුස්මරණ විස්ස කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

හේමපාල ද සිල්වා අනුස්මරණ විස්ස කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අලූත්ගම ක‍්‍රිකට් සමාජය සංවිධානය කරන ‘සිංහාර හේමපාල ද සිල්වා’ අනුස්මරණ කුසලාන විස්සයි/20 (ලෙදර් පන්දු) විවෘත ක‍්‍රිකට් තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවයි.

තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 24 වැනිදා පස්වරු 2.00 ට අවසන් වන අතර කුසපත් ඇදීම එදින පස්වරුවේ අලූත්ගම මහ විදුහල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

මෙම තරගාවලියට තරග 24 ක් ඇතුළත් වන අතර සැප්තැම්බර් මස 14 වැනිදා සිට ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා සති අන්තවලදී අලූත්ගම මහජන ක‍්‍රීඩාංගණයේදී තරග පැවැත්වේ.

අයැදුම්පත් ලැබුණු පිළිවෙළට කණ්ඩායම් 16 කට පමණක් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවන අතර කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පැවැත්වේ. කාණ්ඩ හතරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අට පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්‍ෂ 2 ක් ද, අනු ශූරයන්ට රුපියල් ලක්‍ෂයක් ද වන පරිදි මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
සිංහාර සුදත් කුමාර ද සිල්වා මහතා තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකත්වය දරයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0722 803370 (සරෝෂ්) හෝ 0776 546531 (කාහිංගල) යන දුරකථනවලින් ලබාගත හැකිය.


අදහස් (0)

හේමපාල ද සිල්වා අනුස්මරණ විස්ස කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.