Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ III වැනි කොටසේ ක්‍රිකට්

හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය සමත්විය.

කෑගල්ල මහජන ක්‍රීඩා පිටියේ පැවැති හයවැනි වටයේ තරගයේදී හෝමාගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මෙම තරගයේදී හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය වෙනුවෙන් චමෝත් හර්ෂණ පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 26 කට කඩුලු 6 ක් දවාලීය.


හෝමාගම ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම 147 යි 
(හිරුන් ප්‍රභාෂ් 36, පුනාල් ගිම්හාන 32, හේලික ප්‍රභාෂ් නොදැවී 24, චමෝත් හර්ෂණ 26/6, බුත්සර රන්පොකුණ 21/2)

හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 176 යි
(අශේන් අබේරත්න 50, තිසුම් බණ්ඩාර 41, අසින්තන ජනිඳු 28, යසිරු ප්‍රමෝත් 27/3, දිනෙත් තේෂාන් 34/2, හේලික කුලාන් 35/2)


අදහස් (0)

හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.