Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හලාවත ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

හලාවත ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලට එරෙහිව හලාවත ශාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලැබීය. මෙම තරගය වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසල් පිටියේ පැවැත්විණ. 

හලාවත ශාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් රිෂිනෝ රෙහාන් තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, රසිඳු ආකර්ෂ පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 93ක් රැස් කළේය. 


හලාවත ශාන්ත මරියා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 4 ට  237 යි
(රසිඳු ආකර්ෂ නොදැවී 93, රිෂිනෝ රෙහාන් නොදැවී 77, හිරුන් මින්සෝත 39, යුමෙත් දිසානායක 40/3)

වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසල - පළමු ඉනිම  75 යි 
(හසරැල් දිසානායක 31, රිෂිනෝ රෙහාන් 05/4, විසල් මේනුක 26/3, චමිඳු රනීෂ 12/2)

 

රිෂිනෝ රෙහාන් 

 

රසිඳු ආකර්ෂ 


අදහස් (0)

හලාවත ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.