Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හරිත - නීල සටනේ ජය ගාමිණී ජාතික පාසලට

හරිත - නීල සටනේ ජය ගාමිණී ජාතික පාසලට

Nisanka Sandeepani - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇල්පිටිය ආනන්ද විදුහල සහ බෙන්තොට ගාමිණී ජාතික පාසල අතර බෙන්තොටදී අද (10 වැනිදා) පැවැති ‘හරිත-නීල සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 5 ක තියුණු ජයක් අත්කරගැනීමට ගාමිණී ජාතික පාසල සමත් විය. 

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාමිණී විදුහල ඕවර 35 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 143 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 12 පසුපසින් සිටියේය.

ආනන්ද විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 154 
(බවන්ත පේෂක 35, රකිත සුපුන්සර 23, හිරුෂ ආකාෂ් 21, තාරුක දිව්‍යාංගන 23/3, පසිඳු රන්දිම 24/3, පසිඳු ලක්ෂාන් 22/2) 

ගාමිණී විදුහල - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 143 
(ආකාෂ් ලෝචන 44, හෂාන් ජනුක 32, ගයාන් මදුෂංක නොදැවී 31, බවන්ත පේෂක 30/3, රවිඳු රසාංජන 17/2, හිරුෂ ආකාෂ් 23/2)

 

-036 


අදහස් (0)

හරිත - නීල සටනේ ජය ගාමිණී ජාතික පාසලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.