බෙන්තර ගාමිණී විද්‍යාලය සහ ඇල්පිටිය ආනන්ද විද්‍යාලය අතර දෙවැනි වරටත් සංවිධානය කෙරෙන හරිත-නීල එක්දින ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා බෙන්තර ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉකුත් වසරේදී (2017) පළමු වරට බෙන්තර ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති හරිත-නිල මංගල ක්‍රිකට් තරගයේ ජය ගාමිණී විද්‍යාලයට හිමිවිය.
මෙවර තරගයේදී ගාමිණී විද්‍යාල කණ්ඩායම ගයාන් මධුෂංක විසින්ද, ආනන්ද කණ්ඩායම තිරාන් මනිෂ විසින්ද මෙහෙයවනු ලබති.
මෙම විදුහල් දෙකම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී තෙවැනි කොටස යටතේ ක්‍රීඩා කරයි. ගාමිණී විද්‍යාලය මෙම තරගවාරයේදී තරග පහකට මුහුණදී එක් පුර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් අත්කරගෙන ඇති අතර ඉතිරි තරග දෙකේදී පළමු ඉනිමේ පරාජයන් ලබා තිබේ. ආනන්ද විද්‍යාලය තමන් මුහුණ දුන් තරග හයේදීම පුර්ණ ජයග්‍රහණ අත්කරගැනීමට සමත්ව සිටියි.
|
පළමු පෙළ වමේ සිට :- භාවන්ත පේෂක (උප නායක), සමන්ත ගුරුසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කෝකිලා මෙන්ඩිස් මහත්මිය (විදුහල්පතිනි), රුසිත් ගුරුසිංහ මහතා (පුහුණුකරු) සහ තිරාන් මනිෂ (කණ්ඩායම් නායක) දෙවන පෙළ වමේ සිට :- සසිඳු සදරුවන්, සසිත් රිස්ට්, දෙනේෂ් හේලිත, දිලංග සසින්සල ප්‍රනීත් සඳරු, ඉරුෂ ආකාශ්, විරංජිත් සඳකැලුම්, නිපුල් තරින්ද, නවිදු අයේශාන්, හංසමාන ජයතු, ශනිත් සුපුන්සර, රවිදු රසාංජන සහ නිශාන් සමීර |
|
ගාමිණී විදුහල් කණ්ඩායම දෙවන පෙළ වමේ සිට :- චිරන්ත ද සිල්වා, කවිදු ගමගේ, චමිල කිත්මාල්, ධනුක පතිරාජ, දිනෙත් වික්‍රමාරච්චි, තරිදු කාරියවසම්, හසාන් ජානුක, තාරුක සේනාධීර, මතියාස් සමරවීර, පසිදු රන්දිම, පසිදු ලක්ෂාන් සහ කවිෂ්ක භවන්ත තෙවැනි පෙළ වමේ සිට :- ඉසුරු උදයංග, අවනත සන්තුෂ්, දිනෙත් දිල්ශාන්, සදුප විශේල්, ආකාශ් ලෝචන, අනුෂ්ක සිල්වා, තරුෂ හේශාධි, ප්‍රවිෂ හන්සර සහ උෂ්මික සිල්වා |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.