ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම එරෙහිව ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක ඉලක්කයක් හඹාගිය මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායම ඕවර 10.5 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්තේය.
ආරම්භක පිතිකාරිණියන් ලෙස කටයුතු කළ සොෆී මොලිනෙක්ස් (නොදැවී 45) සහ චමරි අතපත්තු (නොදැවී 20) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මෙල්බර්න් කණ්ඩායම ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 37 කදී වාර්තා වූ සොෆීගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 28 කදී වාර්තා වූ චමරිගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම ඕවර 16.1 ක් අවසානයේ ලකුණු 66 කට සීමා කිරීමට මෙල්බර්න් පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී බ්‍රිස්බේන් පිතිකාරිණියන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී ගිය අතර ඇමී සැටර්ත්වයිට්, ලී ටාහුහු, ජෝර්ජියා වර්හැම් සහ මොලී ස්ට්රැනෝ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිල - ඕවර 10.5 කදී කිසිවකු නොදැවී 67
(සොෆී මොලිනෙක්ස් නොදැවී 45, චමරි අතපත්තු නොදැවී 20)
බ්‍රිස්බේන් හීට් පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 66
(ඩීන්ඩ්‍රා ඩොටීන් 14, ඇමී සැටර්ත්වයිට් 5/2, ලී ටාහුහු 10/2, ජෝර්ජියා වර්හැම් 11/2, මොලී ස්ට්රැනෝ 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.