Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. පන්දු යවන්නෝ කොල්ට් පිල දණගස්සති

සී.සී.සී. පන්දු යවන්නෝ කොල්ට් පිල දණගස්සති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සී.සී.සී. සහ කෝල්ට් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සී.සී.සී. පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කෝල්ට් පිල ලකුණු 89 කට සීමා කිරීමට සී.සී.සී. පන්දු යවන්නෝ සමත්වූහ. මනෙල්ක ද සිල්වා සහ ළහිරු ගමගේ කඩුලු 3 බැගින් දවාගත් අතර අශාන් ප්‍රියංජන් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

සී.සී.සී. පිල වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින වනිඳු හසරංග ලකුණු 70 ක් රැස්කිරීමට සමත්වූ අතර දැවීගිය කඩුලු පහටම හිමිකම් කීමට කෝල්ට් කණ්ඩායමේ කවීෂ්ක අංජුල සමත්විය.

තවත් තරග හතරක් පනාගොඩ යුදහමුදා, එන්.සී.සී., තර්ස්ටන් විද්‍යාලය, බ්ලූම්ෆිල්ඞ් යන ක්‍රීඩාංගණ වලදි අද ආරම්භ විය.

එන්.සී.සී. පිලට එරෙහිව ශතකයක් රැස්කිරීමට බී.ආර්සි. පිලේ දේශාන් ඩයස් සමත් විය. පන්දුවෙන් දස්කම් දැක්වූ එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය බී.ආර්.සී. පිලට එරෙහිව කඩුලු කඩුලු 6 ක් ද සැරසන්ස් පිලේ මොහොමඞ් දිල්ශාඞ් රාගම පිලට එරෙහිව කඩුලු 5 ක් ද එස්.එස්.සී. පිලේ සචිත්‍ර සේනානායක බ්ලූම්ෆිල්ඞ් පිලට එරෙහිව කඩුලු 5 ක් ද දවාගැනීමට සමත්වූහ.

 

සී.සී.සී. සහ කෝල්ට් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 89, සී.සී.සී. 192/5
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(ප්‍රිමෝෂ් පෙරේරා 26, කවීෂ්ක අංජුල නොදැවී 24, මනෙල්ක ද සිල්වා 13/3, ළහිරු ගමගේ 29/3, අශාන් ප්‍රියංජන් 01/2, ලක්ෂාන් සඳකැන් 05/2)
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 192
(රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, මාධව වර්ණපුර නොදැවී 37, වනිඳු හසරංග නොදැවී 70, කවීෂ්ක අංජුල 44/5)


යුදහමුදාව සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව 286/8
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 93.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 286
(ලක්ෂිත මදුශාන් 87, නවෝද් ඉලුක්වත්ත 21, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, දමිත සිල්වා 75/4, ජීවන් මෙන්ඩිස් 42/3)


එන්.සී.සී. සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. 244, එන්.සී.සී. 34/1
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී ලකුණු 244
(දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සනිත ද මෙල් 22, සුරාජ් රංදීව් 24, ලසිත් ඇඹුල්දෙණිය 59/6, ළහිරු කුමාර 34/2, තරිඳු කෞෂාල් 64/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 34
(සඳුන් වීරක්කොඩි 27)


රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී

රාගම 218/7
රාගම - පළමු ඉනිම - ඕවර 58.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 218
(ජනිත් ලියනගේ නොදැවී 98, ළහිරු තිරිමාන්න 80, මොහොමඞ් දිල්ශාඞ් 60/5, සාලිය සමන් 43/2)


බ්ලූම්ෆිල්ඩ් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆිල්ඞ් ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆිල්ඩ් 231/7
බ්ලූම්ෆිල්ඞ් - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 231
(ළහිරු ජයකොඩි 86, අදීෂ නානායක්කාර 23, නිපුන් හග්ගල්ල 25, ළහිරු සමරකෝන් නොදැවී 32, සචිත්‍ර සේනානායක 69/5, කසුන් මදුශංක 43/2)

 


අදහස් (0)

සී.සී.සී. පන්දු යවන්නෝ කොල්ට් පිල දණගස්සති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.