Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැරසන්ස්ට පෙරළිකාර ජයක්

සැරසන්ස්ට පෙරළිකාර ජයක්

Nisanka Sandeepani - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ඩි සොලමන්ස්ගේ (124) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය සැරසන්ස් කණ්ඩායම ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය් පහසුවෙන් ජයගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඇන්ඩි සොලමන්ස් පන්දු 87 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 124 ක් රැස්කිරීමට සමත්වූ අතර දේශීය තරගයකදී ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වන්නේය.

තනුක දාබරේ සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 59 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඇන්ඩි සොලමන්ස් සිවුවැනි කඩුල්ල සදහා ගමිඳු අමරසිංහ සමගින් ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සචිත්‍ර සේනානායක ඕවර 10 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා එස්.එස්.සී. කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 220 ක් රැස්කිරීමට සමත්විය.

පළමු කඩුලු 2 ලකුණු 30 ක් තුළ දැවීයාමත් සමගින් තෙවැනි කඩුල්ල සදහා එක්වූ දිමුත් කරුණාරත්න සහ චාමර කපුගෙදර පන්දු 79 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

දිමුත් කරුණාරත්න පන්දු 72 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස්කළ අතර චාමර කපුගෙදර පන්දු 37 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.

ලකුණු 156 කට කඩුලු 7 ක් දැවී දැඩි අසීරූතාවයක සිටි එස්.එස්.සී. කණ්ඩායම තරමක් දුරට ගොඩගැනීමට අටවැනි කඩුල්ල සදහා ලකුණු 47 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධම්මික ප්‍රසාද් (36) සහ ජෙෆ්රි වැන්ඩසේ (35) සමත්වුහ.

සාලිය සමන් සහ රොෂාන් ජයතිස්ස කඩුලු 3 බැගින් දවාගත් අතර සචිත්‍ර පෙරේරා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


එස්.එස්.සී - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(දිමුත් කරුණාරත්න 65, චාමර කපුගෙදර 34, ධම්මික ප්‍රසාද් 36, ජෙෆ්රි වැන්ඩසේ 35, සාලිය සමන් 33/3, රොෂාන් ජයතිස්ස 41/3, සචිත්‍ර පෙරේරා 21/2)

සැරසන්ස් - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 221
(ඇන්ඩි සොලමන්ස් 124, ගමිඳු අමරසිංහ 20, සචිත්‍ර සේනානායක 29/2)


අදහස් (0)

සැරසන්ස්ට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.