Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් විදුහලට මුල් ඉනිමේ ජයක්

සා. තෝමස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මන්තිල විජේරත්න (නොදැවී 69) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර ශැනෝන් ප්‍රනාන්දු ලකුණු 36 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 62 කදී සියලු දෙනා දැවී 130
(මන්තිල විජේරත්න නොදැවී 69, රයන් ප්‍රනාන්දු 15, වී. ජතුෂාන් 30/4, කේ. කාපිරාජ් 31/3, එම්. අභිනාෂ් 29/2)

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 85
(වී. ජතුෂාන් 32, එන්. රතුෂාන් නොදැවී 14, තෙවින් ඊරියගම 14/3, ශැනෝන් ප්‍රනාන්දු 9/3, මොහොමඞ් අසාම් 15/3)

සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 97
(මනීෂ රූපසිංහ 26, මන්තිල විජේරත්න 16, ඩෙලන් පීරිස් 12, එන්. රතුෂාන් 26/5, කේ. කාපිරාජ් 15/2)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 6 ක් දැවී 88
(ජේ. ජතුෂාන් 25, ටී. දිනෝෂාන් නොදැවී 21, එම්. අභිනාෂ් 20, ශැනෝන් ප්‍රනාන්දු 27/4)

 


අදහස් (0)

සා. තෝමස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.