Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි පෙරහුරු තරගය ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) සදම්ටන්හි පැවැති තරගයෙන් ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 298 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 285 ක් පමණි.
ජේම්ස් වින්ස් (64) සහ නායක ජොස් බට්ලර් (52) එංගලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ. එහිදී පන්දු 76 කට මුහුණදුන් වින්ස් හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 31 කදී වාර්තා වූ බට්ලර්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 71 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද වින්ස් සහ බට්ලර් සමත් වූ අතර නේදන් කූල්ටර් නයිල්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් බට්ලර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 44 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළ ක්‍රිස් වෝක්ස් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහයක් දැරුවද, මාකස් ස්ටොයිනිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දුවද්දී දැවී යෑමකට ලක්වීම නිසා ඔහුගේ උත්සාහය අසාර්ථක විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 297 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ස්ටීවන් ස්මිත් පන්දු 102 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 116 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට රැගෙන ආවේය. උස්මාන් කවාජා (31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මිත් සමත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට ඕස්ට්‍රේලියානු ඉනිමේ පලමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් ලකුණු 14 කට දැවීගියද, ඬේවිඞ් වෝනර් (43) සහ ෂෝන් මාෂ් (30) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 55 කදී වාර්තා වූ වෝනර්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.
ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඇලෙක්ස් කේරි පන්දු 14 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ලයෑම් ප්ලන්කට් ලකුණු 69 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 297
(ඬේවිඞ් වෝනර් 43, ඒරන් ෆින්ච් 14, ෂෝන් මාර්ෂ් 30, ස්ටීවන් ස්මිත් 116, උස්මාන් කවාජා 31, ඇලෙක්ස් කේරි 30, ලයෑම් ප්ලන්කට් 69/4)
එංගලන්තය - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 285
(ජේසන් රෝයි 32, ජේම්ස් වින්ස් 64, බෙන් ස්ටෝක්ස් 20, ජොස් බට්ලර් 52, මුයින් අලී 22, ක්‍රිස් වෝක්ස් 40, ලයෑම් ප්ලන්කට් 19, ජේසන් බෙරන්ඩෝෆ් 43/2, කේන් රිචඞ්සන් 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.