Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඬේල් ස්ටේන් සහ සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් එකඟ වී සිටිති. ඒ අනුව මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයින් ගණන 7 දක්වා ඉහළ යනු ඇත.
මින් පෙර දඹුල්ල වයිකිංග් කණ්ඩායම සමගින් එක්වීමට බ්‍රෙන්ඩන් ටේලර් සුදානමින් පසුවුවද පසුව ඉන් ඉවත්වී තිබූ අතර නැවතත් ඔහු මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වී ඇත. මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව සිටි ක්‍රිස් ගේල් තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමගින් ඔහු වෙනුවට බ්‍රෙන්ඩන් ටේලර් කණ්ඩායමට කැඳවා ඇත.
විදේශීය ක්‍රීඩකයින් ලෙස මින් පෙර ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පතෙල් (ඉන්දියාව), නවීඞ් උල් හක් සහ රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ඝනිස්තානය) මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වූ අතර හයවැනි විදෙස් ක්‍රීඩකයා ලෙස බ්‍රෙන්ඩන් ටේලර් සහ හත්වැනි විදෙස් ක්‍රීඩකයා ලෙස ඬේල් ස්ටේන් කණ්ඩායමට එක්වූහ.
පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට 34 හැවිරිදි ටේලර් සමත්විය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එළඹෙන 25 වනදා බ්‍රෙන්ඩන් ටේලර් දිවයිනට ළගා වීමට නියමිත බව මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ කළමණාකරු ෆර්වීස් මහරූෆ් මහතා ප්‍රකාශ කළ අතර නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදුවන බැවින් ඔහුට මෙවර එල්.පී.එල් තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමිවන බවද පැවසීය.
“ඉක්මනින් හමුවෙමු ශ්‍රී ලංකා,... මම මේ සතිය අගදී මගේ කණ්ඩායම වන කැන්ඩි ටස්කර්ස් සමඟ එකතු වෙනවා. පරණ මිතුරන් දැකීම හා හොඳ ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම විනෝදජනක වෙයි” යනුවෙන් ඬේල් ස්ටේන් ඔහුගේ ට්වීටර් ගිණුමේ සටහනක් යොදා තිබුණි.
තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කිංග්ස් පිලට එරෙහිව මහනුවර ටස්කර්ස් කණ්ඩායම මේ මස 26 වැනිදා පළමු තරගයට සහභාගිවීමට නියමිතව ඇත.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.