Last Update  :  2026-05-18 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහෝදරයන්ගේ එක්දින සටනින් මාදම්පා විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

සහෝදරයන්ගේ එක්දින සටනින් මාදම්පා විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

editorial - 2026 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය සහ අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය අතර පැවති දෙවැනි සහෝදරයන්ගේ සටන එක් දින ක්‍රිකට් තරගයෙන් මාදම්පා විද්‍යාලය කඩලු 7ක ජයක් අත්කර ගත්තේය. සහෝදරයන්ගේ සටන මංගල එක් දින ක්‍රිකට් තරගයේ ජය අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය ගිය වසරේදී (2025) හිමි කර ගත්තේය.

සහෝදරයන්ගේ සටන එක් දින ක්‍රිකට් තරගය මැයි මස 9 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් මාදම්පා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට රාජපක්ෂ විද්‍යාලයට ආරාධනා කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාජපක්ෂ විද්‍යාලය ඕවර 29 කදී සියලුදෙනාම දැවී 118 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාදම්පා විද්‍යාලය ඕවර 16.1කදී කඩලු 3 ක් පමණක් දැවී ලකුණු 121ක් ලබාගෙන තරගයෙන් ජයගත්තේය. සන්දිත් රශ්මික  නොදැවී  ලබාගත් අර්ධ ශතකය සහ යසිරු දේෂිත  නොදැවී ලබාගත් ලකුණු 38  මාදම්පා විද්‍යාලයේ ජයග්‍රාහණය ඉක්මන් කළේය.

 

අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය - ඕවර 29 කදී සියලුදෙනාම දැවී 118 යි
(කවීෂ නිම්සාල් 25, මලිඳු ලක්ෂාන් නොදැවී 21, යෝෂිත උදයංග 16/4, සවේන් නිම්සදු 20/4)

අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය  - ඕවර 16.1 කදී කඩලු 3 ක් දැවී 121 යි
(සන්දිත්  රශ්මික නොදැවී 50, යසිරු දේෂිත නොදැවී 38, සිතිජ දුල්ෂාන් 15/2)


අදහස් (0)

සහෝදරයන්ගේ එක්දින සටනින් මාදම්පා විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.