Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචිත් පතිරණගෙන් වේගවත් ශතකයක්

සචිත් පතිරණගෙන් වේගවත් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරග හයක් අද (12) ආරම්භවිය. බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වේගවත් ශතකයක් වාර්තා කිරීමට සී.සී.සී. කණ්ඩායමේ තුන් ඉරියව් පිතිකරු සචිත් පතිරණ සමත්විය.

පන්දුවට පහරදීම සදහා හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි සචිත් පතිරණ පන්දු 118 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 18 ක් සමගින් ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.

සචිත් පතිරණ සහ මාධව වර්ණපුර එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 231 ක සම්බන්ධතාවය හේතුවෙන් වර්ෂාවට පළමු දිනය අවසන් කරන විට සී.සී.සී. පිල කඩුලු 6 ක් දැවී ලකුණු 380 ක් රැස්කර සිටියේය.
සචිත් පතිරණට අමතරව අද පැවැති අනෙක් තරග වලදී ළහිරු මිලන්ත (රාගම) ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර මදුක ලියනපතිරනගේ (වරාය අධිකාරිය), රොෂාන් ජයතිස්ස (සැරසන්ස්), නන්ද්‍රාස් ප්‍රසාද් (බදුරලිය) කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.

 

බ්ලූම්ෆීල්ඞ් සහ සී.සී.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. 380/6

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 380
(සචිත් පතිරණ 168, මාධව වර්ණපුර නොදැවී 83, ලසිත් අබේරත්න 25, කවින් බණ්ඩාර 24, රොන් චන්ද්‍රගුප්ත 20, රමේෂ් මෙන්ඩිස් 84/2, මලිත් ද සිල්වා 87/2)

 

එන්.සී.සී. සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. 220, වරාය අධිකාරිය 85/7

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(මහේල උඩවත්ත 54, ළහිරු කුමාර 47, ඇන්ජලෝ පෙරේරා 42, මාලින්ග අමරසිංහ 29, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මදුක ලියනපතිරනගේ 52/5, චානක කොමසාරූ 78/3)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 85

 

ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය 296/9

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 296
(ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, රමිත් රඹුක්වැල්ල 22, අසිත ප්‍රනාන්දු 45/3, සචිත්‍ර සේරසිංහ 68/3, ශෙහාන් ජයසූරිය 76/2)

 

කෝල්ට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 246, සැරසන්ස් 01/0

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 79.3 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු 72, සදීර සමරවික්‍රම 31, රොෂාන් ජයතිස්ස 51/5, චතුර රංදුණු 78/3, සචිත්‍ර පෙරේරා 48/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී ලකුණු 1

 

මූවර්ස් සහ රාගම කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී

රාගම 358/7

රාගම - පළමු ඉනිම - ඕවර 73.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 358
(ළහිරු මිලන්ත 112, රොෂේන් සිල්වා 37, ජනිත් ලියනගේ නොදැවී 90, ඉශාන් ජයරත්න 63, තරිඳු රත්නායක 83/2)

 

යුදහමුදාව සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව 152, බදුරලිය 35/0

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(අශාන් රංදික 30, ජනිත් සිල්වා නොදැවී 27, දිල්ශාන් ද සොයිසා 24, නන්ද්‍රාස් ප්‍රසාද් 41/5, දිලේෂ් ගුණරත්න 36/4)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 13 කදී කිසිවකු නොදැවී ලකුණු 35

 


අදහස් (0)

සචිත් පතිරණගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.