Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකුන් - මහේෂ ශ්‍රී දේවානන්දයට ජය ගෙනෙති

සකුන් - මහේෂ ශ්‍රී දේවානන්දයට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සකුන් කාංචනගේ සහ මහේෂ් සංජීවගේ දක්ෂ පන්දුයැවීම හමුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධන මහා විදුහල හා අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර අම්බලංගොඩ නගර සභා කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ඉනිමක සහ ලකුණු 84 ක ජයක් වාර්තා කිරීමට අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 254 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ජයවර්ධනපුර මහා විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 169 ක් පමණි.

සකුන් කාංචන ලකුණු 15 කට කඩුලූ 6 ක් දවාලමින් ජයවර්ධනපුර මහා විදුහලේ පළමු ඉනිම විනාශ කළ අතර මහේෂ් සංජීව ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාලමින් දෙවැනි ඉනිමද සුනුවිසුණු කර දැමුවේය.

දේවානන්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 336 ක් රැස්කළ අතර චිලාන් අංජන (86) සහ සකුන් කාංචන (63) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ජයවර්ධනපුර මහා විදුහල - පළමු ඉනිම - ඕවර 35.3 කදී සියලූ දෙනා දැවී 83
(නිමේෂ් කවිෂ්ක 34, සකුන් කාංචන 15/6, චිලාන් අංජන 16/2)

දේවානන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 58.3 කදී කඩුලූ 9 කට 336
(චිලාන් අංජන 86, සකුන් කාංචන 63, මහේෂ් සංජීව 42, ළහිරු ප‍්‍රසන්ක 39, ඉමේෂ් උදයංග 25, කසුන් කල්පන 42/2, නිමේෂ් කවිෂ්ක 64/2)

ජයවර්ධනපුර මහා විදුහල - දෙවැනි ඉනිම - ඕවර 63.2 කදී සියලූ දෙනා දැවී 169
(රුවින් විදුරංග 70, මවින් මධුෂාන් 20, මහේෂ් සංජීව 39/6)


- 036

 


අදහස් (0)

සකුන් - මහේෂ ශ්‍රී දේවානන්දයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.