Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහේල - සංගා අභියෝග කුසලාන වෙනුවෙන් කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 44 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික දෙදින ක්‍රිකට් තරග මෙම මස 26 සහ 27 වැනි දිනවලදී නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම විදුහල් දෙක අතර වාර්ෂික ක්‍රිකට් තරගය 1978 වසරේ සිට පැවැත එන අතර පසුකාලීනව එම විදුහල්වලින් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධනගේ සහ කුමාර් සංගක්කාරගේ නමින් එය නම් කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මෙවර තරගය නාලන්දා විදුහලේ 88 කාණ්ඩයේ කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන අතර පාසල් දෙකේ මිත්‍රත්වය, ක්‍රීඩා ශීලීත්වය සහ සෞඛ්‍ය සම්පන්න තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම තරගය සංවිධානය කිරීමේ අරමුණු ලෙස හැදින්විය හැකිය. 

-036 


අදහස් (0)

සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.