Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශූරයන්ගේ සටනේ මංගල ජය රත්ගම දේවපතිරාජයට

ශූරයන්ගේ සටනේ මංගල ජය රත්ගම දේවපතිරාජයට

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවති ශූරයන්ගේ සටන  වාර්ෂික මහා  ක්‍රිකට් තරගයේ  ජය දේවපතිරාජ විද්‍යාලය  විසින් අත්කර ගන්නා ලදි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගයේදී දේවපතිරාජ විද්‍යාලය විසින් පී. ද. එස්.කුලරත්න විද්‍යාලය කඩලු 8 කින් පරාජය කරන ලදි. මෙම තරගාවලියේ මීට පෙර පැවැති මහ ක්‍රිකට් තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබිණ.

පසුගිය වසර තුනේදීම මහ ක්‍රිකට් තරගය දෙදින තරග ලෙසින් පැවැති අතර මෙවර එය තෙදින තරගයක් වීම නිසා එහි සාර්ථක පල නෙලා ගැනීමට දේවපතිරාජ විදුහලට හැකිවිය. 

දේවපතිරාජ විද්‍යාලයේ යසිරු ලක්ෂාන් ලකුණු 153ක්  ලබාගනිමින් ප්‍රතිවාදී විදුහලේ ලකුණු සංඛ්‍යාවෙන් හතරෙන් තුනක්  තනිවම ලබා ගැනීම දේවපතිරාජ විදුහල් ජයග්‍රාහණයේ අඩිතාලම විය. 

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ගිම්හාන් රසාංජය ප්‍රතිවාදී පී.ද.එස්. කුලරත්න විද්‍යාලයේ කඩලු 5 ක් ලකුණු 68ක් දවා ගැනීමත් ඔෂේන් කල්හාර කඩලු 4 ක් ලකුණු 27කට ලබා ගැනීමත් දේවපතිරාජයේ ජය මාවත විවර කිරීමට මහගු ප්‍රයෝජනයක් විය. 

කාසියේ වාසිය දිනා දේවපතිරාජ විද්‍යාලයේ  ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි පී.ද.එස්.කුලරත්න විදුහල ඕවර 78 කදී සියලුදෙනාම දැවී ලකුණු 189 ක් ලබා ගත්තේය. එහිදී පී.ද.එස්.කුලරත්න විදුහලේ සසිදු කෞෂාන් අර්ධ ශතකයක් (55) ලබාගත්තේය. වෙනත් කිසිදු කීඩකයකුට ලකුණු 30 සීමාව ඉක්මවීමට දේවපතිරාජ විදුහල් පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

පී.ද.එස්.කුලරත්න විදුහලේ දැවී ගිය කඩලු 10න් 9 යක්ම දේවපතිරාජ විදයාලයේ ගිම්හාන් රසාංජන(68/5) සහ ඔෂේන් කල්හාර (27/4) අතර බෙදී ගියේය. 

ප්‍රතිවාදී පී.ද.එස්.කුලරත්න විදුහලේ පළමු ඉනිමේ ලකුණු 189 අභියෝගය හිසේ තබාගෙන පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට ගිය දේවපතිරාජ විදුහල ඕවර 75.3 කදී සියලුදෙනාම දැවී ලකුණු 297ක් ලබාගත්තේ පී.ද.එස්.කුලරත්න විදුහලට වඩා ලකුණු 108ක වාසියක් ද තමන් සතු කර ගනිමින්ය. 

දේවපතිරාජ විදුහල ලබාගත් මේ ලකුණු 297න් ලකුණු 153 ක්ම යසිරු ලක්ෂාන් ලබාගත්තේ සිය විදුහලේ ජය ටැඹට පාර කපමිනි.

දේවපතිරාජ විදුහලේ වෙනත් කිසිම කීඩකයකුට ලකුණු 30 සීමාව පැන්නීමට පී.ද.එස්.කුලරත්න විද්‍යාලයීය පන්දු යවන්නත් ඉඩ නොතැබුවත් දේවපතිරාජයේ  යසිරු ලක්ෂාන්ගේ පිත්ත නිහඩ කිරීමට නොහැකිවීමෙන් එම විදුහල පරාජයේ ආගාධයට වැටී ගියේය.  පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ  පන්දු යවන්නන්ගෙන් යසිරු අභිෂේක් පමණක් ලකුණු 66 කට කඩලු තුනක් ලබා ගනිමින් එම විදුහලේ වැඩිම කඩලු ලාභියා බවට පත්විය.

ලකුණු 108 ක අවාසියක් සමග දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට ගිය පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ  දෙවැනි ඉනිම පළමු ඉනිමටත් වඩා ලකුණු ලකුණු 27ක් මෙපිටින් තැබීමට දේවපතිරාජ විදුහල් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ ඕවර 61.5කදි පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ  සියලුදෙනාම ලකුණු 162කට දවා ගනිමිනි. 

පී.ද.එස්.කුලරත්න විදුහලේ යසිරු ඇභිසේක් ලකුණු 95ක් ලබා ගත්තද එය දේවපතිරාජ විදුහලේ ජය ඇහිරීමට  කෙසේවත් පමාණවත් නොවූවත් සිය විදුහල ඉනිමක පරාජයෙන් බේරීමට එය මහෝපකාරී වුවේය. දේවපතිරාජ විදුහලේ පූජිත් වත්සුක මෙහිදී ප්‍රතිවාදී කඩලු 2කක් ලකුණු 8 කට ලබා ගත්තේය.   

ජයග්‍රාහණය සදහා ලකුණු 55ක් ලබාගැනීමට දෙවැනි ඉනිම ක්‍රියාත්මක  කිරීමට පිටියට ගිය දේවපතිරාජ විද්‍යාලයට ඒ සදහා කඩලු 2ක් පූජා කිරීමට සිදුවුවත් ඔවුන් මේ ශූරයන්ගේ සටනේ මංගල ජය කඩලු අටක ජයක් ලෙස ඉතිහාස පොතට එක්කිරීමට සමත්විය. දේවපතිරාජ විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 13.4කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 57ක් ලබාගෙන මේ ජයගාහණය වාර්තා කළේය.


පී.ද.එස්.කුලරත්න විද්‍යාලය - පළමු ඉනිම ඕවර් 78කදී  සියලුදෙනාම දැවී 189
(සසිදු කෞෂාන් 55, ලකිදු තෙහන්ස28, භානු අනුත්තර 24, ගිම්හාන් රසංජන 68/5, ඔෂේන් කල්හාර 27/4)

දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම ඕවර් 75.3කදී සියලු දෙනාම දැවී 297
(යසිරු ලක්ෂාන් 153, දර්ශන සංදීප 26, මතීෂ සාරංග 26, පින්සර දුතංග 23, යසිරු අභිෂේක් 66/3, ගිම්හාන් නිම්සර 31/2, ජනිදු චාමික 57/2)

පී.ද.එස්.කුලරත්න විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 61.5 කදී සියලුදෙනාම දැවී 162
(යසිරි අභිෂේක් 95, සසිදු කෞෂාන් 21, සදරු මල්ෂාන් 48/2, පූජිත් වත්සුක 08/2, ගිම්හාන් රසංජන 44/2)

දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර් 13.4 කදී කඩලු 2ක් දැවී 57
(චමිදු පද්මික නොදැවී 20, ජනිදු චාමික 26/2)

 

දේවපතිරාජ විද්‍යාලය


අදහස් (0)

ශූරයන්ගේ සටනේ මංගල ජය රත්ගම දේවපතිරාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.