දහඅට වැනි වරටත් පැවති කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් අනුස්මරණ කුසලාන බොදු පාසල් ක්‍රිකට් තරගාවලියේ ශිෂ්‍ය හා ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලි දෙකේම ගාල්ල මහින්ද විද්‍යාලය විසින් ශූරතාව දිනාගන්නා ලදී.
කොළඹ නාලන්දා විද්‍යාලය ශිෂ්‍ය ක්‍රිකට් තරගයේ අනුශුරතාව හිමිකරගත්තේය. මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගයේ අනුශුරතාව හිමිවිය.
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් පදනමේ සංවිධානයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය බලපිටිය ගුරු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගාවලියට අම්බලන්ගොඩ ධර්මාශෝක,කොළඹ ආනන්ද,නාලන්ද,මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, පන්නිපිටිය ධර්මපාල, ගාල්ල මහින්ද ,මාතර රාහුල යන විදුහල්වල ශිෂ්‍ය කණ්ඩායම් සහ ආදිශිෂ්‍ය කණ්ඩායම් සහභාගි වූහ.
සය සාමාජික තරගාවලියක් ලෙස පැවති ශිෂ්‍ය කණ්ඩායම් අතර තරගයේදී කොළඹ ආනන්ද, නාලන්ද,මාතර රාහුල, ගාල්ල මහින්ද යන විදුහල් අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්හ. අවසන් පුර්ව වටයේදී මහින්ද විද්‍යාලය විසින් ආනන්ද විද්‍යාලය පරාජය කරන ලදී. නාලන්ද විද්‍යාලය විසින් රාහුල විද්‍යාලය පරාජය කරන ලදී.
අවසන් මහා තරගයේදී මහින්ද විද්‍යාලය විසින් නාලන්ද විද්‍යාලය පරාජය කරමින් තරගාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.
තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජනද දක්ෂතම පන්දු යවන්නා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානද සම්මාන දිනාගත්හ.
ඕවර අටකට සීමාවූ ආදී ශිෂ්‍ය කණ්ඩායම් තරගයේ අවසන් මහා තරගය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලය සහා මහනුවර ධර්මරාජ විද්‍යාලය සදුසුකම් ලබාගත්හ. එහිදී මහින්ද විද්‍යාලය විසින් ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදී.
ආදි ශිෂ්‍ය තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වරුණ හේරත්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ තරංග මහබාගේද තරගාවලියේ වීරයා ලෙස එම විද්‍යාලයේම හිරන්ත විජේසිංහද සම්මාන දිනාගත්හ.
|
|
|
ශිෂ්‍ය ශූරතාවය දිනූ මහින්ද විද්‍යාලය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.