අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අද (14) සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල විසින් ලකුණු 41 කින් පානදුර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.
ජයග‍්‍රහණය සදහා ලකුණු 231 ක ඉලක්කය හඹාගිය ශ්‍රී සුමංගල විදුහල් ඉනිම ඕවර 56.4 කදී ලකුණු 189 කට සීමා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. වමතින් පා දඟ පන්දු යවන ප‍්‍රවීන් ජයවික‍්‍රම දක්‍ෂ පන්දු යැවීම නිතර වෙමින් ලකුණු 19 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ ආරම්භක පිතකිරුවන් වූ නුවනිදු ප‍්‍රනාන්දු (51) සහ මන්තිල විජේරත්න (55) අර්ධ ශතක රැස්කරමින් ලකුණු 113 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට අනගි අඩිතාලමක් දැමූහ.
තරූෂ ප‍්‍රනාන්දු තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 51 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළ අතර පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 37 කට කඩුලූ 2 ක් ද දවා ගත්තේය.
සසිඳු ද සිල්වා පන්දු 50 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් ශ්‍රී සුමංගල විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ලකුණු පුවරුව
| ශාන්ත සෙබස්තියන් විදුහල | |
| නුවනිදු ප‍්‍රනාන්දු - ඇ. පුලිත ප. සසන්ත | 51 |
| මන්තිල විජේරත්න - ඇ. නඳුන් ප. සමිත් | 55 |
| අවිෂ්ක ප‍්‍රනාන්දු - ක. මූ. කළා ප. සසන්ත | 5 |
| මලින්ත පීරිස් - ඇ. හරිත් ප. කවුමාල් | 31 |
| තරූෂ ප‍්‍රනාන්දු - ඇ. සමිත් ප. සසන්ත | 52 |
| සහන් සේනානායක - ඇ. සමිත් ප. කවුමාල් | 0 |
| මිෂාන් සිල්වා - නොදැවී | 13 |
| ප‍්‍රවීන් ජයවික‍්‍රම - නොදැවී | 0 |
| අතිරේක | 23 |
| එකතුව ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී | 230 |
| පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: | |
| මලිඳු උත්පල, ප‍්‍රෂාන් ප‍්‍රනාන්දු, විමුක්ති ද මෙල් | |
| කඩුලූ වැටීම: | |
| 1-113(නුවනිදු ප‍්‍රනාන්දු), 2-124(අවිෂ්ක ප‍්‍රනාන්දු), 3-127(මන්තිල විජේරත්න), 4-179(මලින්ත පීරිස්), 5-180(සහන් සේනානායක), 6-222(තරුෂ ප‍්‍රනාන්දු) | |
| පන්දු යැවීම: | |
| විහඟ පෙරේරා: 3-1-8-0, සසන්ත ද සිල්වා: 10-0-63-0, සමිත් යසන්ත: 10-0-50-1, කෞමාල් නානායක්කාර: 10-0-31-2, නිපුන ප‍්‍රනාන්දු: 8-0-32-0, තරිඳු සංජන: 5-0-30-0, හරිත් ප‍්‍රනාන්දු: 4-0-14-0 | |
| පානදුර ශ්‍රී සුමංගල විදුහල | |
| හරිත් ප‍්‍රනාන්දු - ඇ. ප‍්‍රවීන් ප. තරූෂ | 21 |
| ඉසුරු උමංග - ඇ. මන්තිල ප. අවිෂ්ක | 14 |
| සමිත් යසන්ත - ක. මූ. කළා ප. ප‍්‍රවීන් | 14 |
| පුලිත යසස් - ඇ. ගිහාන් ප. විමුක්ති | 27 |
| නිපුන ප‍්‍රනාන්දු - ඇ. මිෂාන් ප. තරූෂ | 36 |
| සසිඳු ද සිල්වා - ප. අවිෂ්ක | 52 |
| විහඟ පෙරේරා - ප. ප‍්‍රවීන් | 0 |
| සසන්ත ද සිල්වා - ඇ. අවිෂ්ක ප. විමුක්ති | 6 |
| නඳුන් පෙරේරා - නොදැවී | 4 |
| තරිඳු සංජන - ඇ. මීෂාන් ප. ප‍්‍රවීන් | 0 |
| කෞමාල් නානායක්කාර - ප. ප‍්‍රවීන් | 0 |
| අතිරේක | 15 |
| එකතුව ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී | 189 |
| කඩුලූ වැටීම: | |
| 1-28(ඉසුරු උමංග), 2-60(සමිත් යසන්ත), 3-65(හරිත් ප‍්‍රනාන්දු), 4-104(පුලිත යසස්), 5-162(නිපුන ප‍්‍රනාන්දු), 6-163(විහඟ පෙරේරා), 7-173(සසන්ත ද සිල්වා), 8-188(සසිඳු ද සිල්වා), 9-189(තරිඳු සංජන), 10-189(කෞමාල් නානායක්කාර) | |
| පන්දු යැවීම: | |
| අවිෂ්ක ප‍්‍රනාන්දු: 8-0-37-2, මිෂාන් සිල්වා: 3-0-19-0, ගිහාන් සේනානායක: 2-0-6-0, ප‍්‍රවීන් ජයවික‍්‍රම: 8.4-2-19-4, තරූෂ ප‍්‍රනාන්දු: 9-0-37-2, ප‍්‍රෂාන් ප‍්‍රනාන්දු: 1-0-6-0, විමුක්ති ද මෙල්: 10-1-38-2, මලි`දු උත්පල: 5-0-23-0 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.