Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 196 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයේ සුනෙර ජයසිංහ (133) සහ මොහොමඞ් අබ්සාර් (113) ශතක රැස්කරමින් පිත්තෙනුත් නිම්නක ජයතිලක කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙනුත් දස්කම් දැක්වූහ.
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 517
(සුනෙර ජයසිංහ 133, මොහොමඞ් අබ්සාර් 113, තීක්ෂ ගුණසිංහ 82, ඩියෝන් ස්ටූටර් 59, ගිහාන් අචින්ත නොදැවී 43, ජනිඳු හිම්සර 34, නවෝද්‍ය විජේකුමාර 22, කවිඳු දිල්හාර 130/2, චාමී නිම්සර 135/2)
රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.5 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(නවිඳු පැහැසර 51, රුමේෂ් මදුශාන් 38, නිම්නක ජයතිලක 30/5, කල්හාර සේනාරත්න 59/3)
රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(දිමුතු කුමාර 42, ප්‍රියමන්ත රුක්මාල් 31, රමේෂ් මදුශංක 22, නිම්නක ජයතිලක 44/4, තමාශන අබේකෝන් 36/2, කල්හාර සේනාරත්න 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.