Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනි බාලිකාවෝ අවසන් පූර්ව වටයට
19න් පහළ අන්තර් පාසල් කාන්තා ක්‍රිකට් තරගාවලිය

ශා. අන්තෝනි බාලිකාවෝ අවසන් පූර්ව වටයට

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පානදුර ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය සමත්විය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය විසින් වීරවිල සමන්පුර මහා විද්‍යාලය කඩුලු 8 කින් පරාජය කරන ලදි.

පානදුර ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමේදී වෙනුකි විහංසා නොදැවී ලකුණු 60ක් රැස් කළ අතර, ශෂිනි ෂෙහාරා නොදැවී ලකුණු 53 ක් ලබාගත්තාය. පවනි හංසිකා කඩුලු 4 ක් දවාගත්තාය.

 

වීරවිල සමන්පුර මහා විද්‍යාලය - ඕවර 22.4 කදී 128 යි
(නිමේෂා දිල්රුක්ෂි 35, සදීෂා නිෂාදිනී 20, පවනි හංසිකා 41/4)

පානදුර ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය - ඕවර 22.4 කදී කඩුලු 2 ට 130 යි
(වෙනුකි විහංසා නොදැවී 60, ශෂිනි ෂෙහාරා නොදැවී 53, කාවින්ද්‍යා තත්සරණි 27/2)

 

පවනි හංසිකා                                         වෙනුකි විහංසා

 

ශෂිනි ෂෙහාරා

 


අදහස් (0)

ශා. අන්තෝනි බාලිකාවෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.