අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් රිසිත සන්තුෂ් (58) සහ ෂෙනාල් බොතේජු (53) ද, ශාන්ත ජොෂප් වාස් විදුහල වෙනුවෙන් දියන පතිරණ (නොදැවී 50) ද අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ.
ශාන්ත ජොෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 197
(දියන පතිරණ නොදැවී 50, ෂෙරාන් අමිඳු 42, පසිඳු දසනායක 20, ෂෙනුර ප්‍රනාන්දු 29, මොනිල් සිල්වා 27/3)
ශාන්ත පීතර විදුහල - ඕවර 32.3 කදී කඩුලු 3 ක් දැවී 198
(රිසිත සන්තුෂ් 58, ෂෙනාල් බොතේජු 53, භානුක ද සිල්වා 29, හිම්තර රම්දිනි නොදැවී 24, සෙනුර ප්‍රනාන්දු 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.