Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝන් විදුහල අසීරු අඩියක

ශාන්ත ජෝන් විදුහල අසීරු අඩියක

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මැදි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනය මැදි විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 112 වැනි ‘උතුරු සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) අවසන්වන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල ලකුණු 8 කට කඩුලු 4 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව සිටියේය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 111 ක් රැස්කිරීමේ අරමුණින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත ජෝන් විදුහලේ මුල් පිතිකරුවන් සිවුදෙනා ඕවර 5.2 ක් අවසානයේ පිටියෙන් ඉවත් කිරීමට එස්. මධුෂාන් සහ එස්. සුජාන් සමත් වූහ. ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට (10 වැනිදා) ශාන්ත ජෝන් විදුහලට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ඉතිරි කඩුලු 6 ආරක්ෂා කරගනිමින් තවත් ලකුණු 103 ක් රැස්කිරීමට සිදුවනු ඇත.

තරගයේ පළමු දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 43 ක් ලබා සිටි යාපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 285 ක් අලුතින් එක්කරගත්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝන් විදුහලේ කේ. කපිල්රාජ්, ලකුණු 96 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

පළමු ඉනිමේදී යාපනය මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ඒ. ජයදර්ෂන් (77), ආර්. රාජ්ක්ලිනිටන් (නොදැවී 53) සහ එස්. මධුෂාන් (52) සමත් වූ අතර එස්. තසෝබන් (49) අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලු දෙනා දැවී 217
(ඩී. ශෙරෝපන් 65, අල්ෂාන් දිනූෂන් 31, ටී. දිනෝෂන් 28, එම්. සෞම්යන් 22, ජොයෙල් ප්‍රවීන් 21, වී. වියාස්කාන්ත් 41/4, එස්. තසෝබන් 34/3)

යාපනය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 101.1 කදී සියලු දෙනා දැවී 328
(ඒ. ජයදර්ෂන් 77, ආර්. රාජ්ක්ලිනිටන් නොදැවී 53, එස්. මධුෂාන් 52, එස්. තසෝබන් 49, වී. විෂාන් 30, කේ. කපිල්රාජ් 96/5, එම්. අබිනාෂ් 34/2)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 5.2 කදී කඩුලු 4 ක් දැවී 8  
(එස්. මධුෂාන් 2/2, එස්. සුජාන් 5/2) 


අදහස් (0)

ශාන්ත ජෝන් විදුහල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.