ඉන්දියාව සමගින් පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වුවද ධර්මසාලාහිදි පැවැති පළමු එක්දින තරගය ජයගැනීම හේතුවෙන් එක්දින ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමෙන් අනතුරුව එක් ප්‍රසාද ලකුණකින් ඉහළ යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.
එක්දින තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 83 ක් හිමිකර ගනිමින් අටවැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගියද එක්දින ශ්‍රේණිගත කිරීම්හී වෙනසක් සිදුනොවීය.
ශ්‍රී ලංකාවත් සමගින් පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කරගනිමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඉන්දියාව ධර්මසාලාහිදි පැවැති පළමු එක්දින තරගය පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලිය 2-1 ක් ලෙස ජයගත්තද ප්‍රසාද ලකුණක් අහිමිවිය.
තරගාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 120 ක් හිමිකර ගනිමින් දකුණු අප්‍රිකාව සමගින් සම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්වුවද දශමස්ථානයට අනුව දකුණු අප්‍රිකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු විය. ශ්‍රී ලංකාව හමුවේ තරගයක් පරාජයට පත්වීම හේතුවෙන් බලාපොරොත්තු කඩ වූ ඉන්දියාවට ප්‍රසාද ලකුණු 119 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.
2016 ජුනි මාසයේ සිට පිට පිට තරගාවලි අටක් ජයගැනීමට ඉන්දියාව සමත්වී ඇති අතර 2017 වසරේ පැවැති තරගාවලි 7 කින් 6 ක් පරාජයට පත්වී ඇති ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමගින් පැවැති එක්දින තරගාවලිය පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.