අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ අද (15 වැනිදා) ආරම්භවූ එස්.එස්.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. පිල පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 380 ක් රැස්කිරීමට සමත්විය.
ශම්මු අශාන් (107) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 103) ශතක රැස්කරමින් එස්.එස්.සි. පිල ඉහළ ලකුණු සංඛ්‍යවකට රැගෙන යාමට සමත්වූහ.
‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 5 ක් අද පැවැති අතර පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවිය.
මූවර්ස් ක්‍රීඩා සමාජයේ ප්රීමෝෂ් පෙරේරා සී.සි.සී. පිලට එරෙහිව අද ශතකයක් රැස්කළ අතර සැරසන්ස් පිලට එරෙහිව පසුගිය සතියේ පැවැති තරගයේදීද ශතකයක් රැස් කිරීමට ඔහු සමත්විය.
හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 90 කට කඩුලු 6 ක් දවාගැනීමට බී.ආර්.සී. කණ්ඩායමේ සුරාජ් රංදීව් අද සමත්විය.
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 81 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 380
(ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන නොදැවී 103, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42)
යුද හමුදාව සහ වරාය අධිකාරිය අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදා පිල 197/4
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 197
(ලියෝ ෆ්රැන්සිස්කෝ නොදැවී 40, කුමාර ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරූ 15/2)
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
සුරාජ් රංදීව්ගෙන් කඩුලු 6 ක්
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 87.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(සචිත්ර සේරසිංහ 63, ඕෂධ ප්‍රනාන්දු 47, මාලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දාමෝදරන් 23, සුරාජ් රංදීව් 90/6, චාමිකර එදිරිසිංහ 72/2)
සී.සී.සී සහ මූවර්ස් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ප්‍රිමෝෂ් පෙරේරා පිට පිට දෙවැනි ශතකයත් රැස්කරයි
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 69 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 213
(ප්‍රිමෝෂ් පෙරේරා නොදැවී 104, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, සහන් විජේරත්න නොදැවී 20)
කෝල්ට්ස් සහ රාගම අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
රාගම පිල 90/2
රාගම - පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 90
(සමින්ද ප්‍රනාන්දු නොදැවී 55)
එන්.සී.සී. සහ ද්‍රවිඩ සංගමය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පිල ලකුණු 117 කට සීමා කරයි
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 19/2, චාමික කරුණාරත්න 19/2, ළහිරු කුමාර 21/2, ලසිත් ඇඹුල් දෙණිය 25/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 125
(ළහිරු උදාර 45, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ නොදැවී 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.