Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - පවෙල් දිල්ලි පිල දිනවති
අයි.පී.එල්.- 2022

වෝනර් - පවෙල් දිල්ලි පිල දිනවති

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් වෝනර්ගේ (නොදැවී 92) සහ රෝව්මන් පවෙල්ගේ (නොදැවී 67) විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව මුම්බායිහිදී අද (5 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරග ලකුණු 21 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණි.

වේගවත් පිතිහරඹයන්හී නිරත වූ නිකලස් පූරන් පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 62 ක් සහ ඒඩ්න් මාක්‍රම් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැබීම හේතුවෙන් ඔවුන්ට පරාජය උරුම විය. 

කලීල් අහමඩ් කඩුලු 3 ක් සහ ශර්දුල් ඨාකූර් කඩුලු 2 ක් දවාගනිමින් දිල්ලි කැපිටල් පිල ලබාගත් ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 207 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වෝනර් පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 92 ක් ලබාගත් අතර රෝව්මන් පවෙල් පන්දු 35 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් ලබාගැනීමට සමත්විය.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී නොබිඳුණු ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි කැපිටල් පිලේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

ඩේවිඩ් වෝනර් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය


දිල්ලි කැපිටල්  - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 207
(ඩේවිඩ් වෝනර් නොදැවී 92, රිෂාබ් පාන්ට් 26, රෝව්මන් පවෙල් නොදැවී 67)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 186

(නිකලස් පූරන් 62, ඒඩ්න් මාක්‍රම් 42, රාහුල් ත්‍රිපාටී 22, ඛලීල් අහමඩ් 30/3, ශර්දුල් ඨාකූර් 44/2)

- 2079


අදහස් (0)

වෝනර් - පවෙල් දිල්ලි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.