එක්සත් අරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය (15 වැනිදා) නිමාවන විට වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණ ගැනීමට කලම්බෝ ලයන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක විශ්ව ප්‍රනාන්දු සමත්ව සිටියේය.
මේ දක්වා තරග 2 කට සහභාගි වූ විශ්ව, ඕවර 4 ක් යවමින් ලකුණු 30 කට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4 කි. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 7.5 ක අගයක් ගනියි.
මරාතා ඇරබියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත් විශ්ව, පක්ටූන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීද ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කෙසේ වුවත් එම තරග දෙකේදී පිළිවෙලින් කඩුලු 5 කින් සහ ලකුණු 27 කින් කලම්බෝ ලයන්ස් කණ්ඩායම පරාජයට පත්විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.