පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” අන්තර් පාසල් වයස 17 න් පහළ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට පාසල් 74 ක සහභාගීත්වයෙන් ආරම්භවීමට නියමිතය.
ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේදී පාසල් 74 ක් කාණ්ඩ 10 ක් යටතේ තරග වදින අතර ඉන් පාසල් 32 ක් දෙවැනි වටය සදහා සුදුසුකම් ලබාගනු ලබයි. කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වෙන දෙවැනි වටයද ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙර අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගනු ඇත.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය පසුගිය වසරේදී පළමු කොටසේ ශූරතාව හිමිකර ගැනීමට සමත්වූ අතර කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලයට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. පසුගිය වසරේ දෙවැනි කොටසේ ක්‍රීඩාකළ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය මෙම වසරේදී පළමු කොටස දක්වා උසස් විමක් ලබා ඇත. පසුගිය වසරේදී පළමු කොටසේ ක්‍රීඩා කළ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය මෙම වසරේදී දෙවැනි කොටස දක්වා පහත දමා ඇත.
	‘ඒ’ කාණ්ඩය
	දෙහිවල එස්.ඩි.එස්.ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලය, ගිරිවුල්ල වික්‍රමශීලා ජාතික පාසල, කොළඹ නාලන්ද විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
	‘බී’ කාණ්ඩය
	කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ කේරී විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස්ත සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ද ලාසාල් විද්‍යාලය, කළුතර සිරිකුරුස විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය
	‘සී’ කාණ්ඩය
	ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මොරටු විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය
	‘ඩී’ කාණ්ඩය
	කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, මිගමුව මාරිස්ටෙලා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, කොළඹ අසෝක විද්‍යාලය, පානදුර මහනාම විද්‍යාලය
	‘ඊ’ කාණ්ඩය
	කඳාන ඩි මැසිනොද් විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය
	‘එෆ්’ කාණ්ඩය
	මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය, හලාවත ශාන්ත මේරී විද්‍යාලය, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, කැළණිය ගුරුකුළ විද්‍යාලය, කටුනේරීය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ මහනාම විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය
	‘ජී්’ කාණ්ඩය
	සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය
	‘එච්’ කාණ්ඩය
	මහනුවර ධර්මපාල විද්‍යාලය, කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය
	‘ජේ’ කාණ්ඩය
	අම්බලන්ගොඩ පී.ඩි.එස්.කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලය, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය, දෙබරවැව ජාතික පාසල, ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය
	‘කේ’ කාණ්ඩය
	අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය, කළුතර විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.