අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නම් කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ‍්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලැබු පළමු අවස්ථාවද මෙය වේ. ඔහුට අමතරව ලෝක ටෙස්ට් කණ්ඩායම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ රංගන හේරත්ද ඇතුළත් කර ඇත.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නම් කරන ලද ලෝක එක්දින කණ්ඩායමේ නායකත්වය ඉන්දියානු ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව තිබේ. මෙම කණ්ඩායම සඳහා ශ‍්‍රී ලංකාවෙන් ඇතුළත්ව ඇති එකම ක‍්‍රීඩකයා වන්නේ අජන්ත මෙන්ඩිස් පමණි.
අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවක් විසින් එල්. ජී. ජාත්‍යන්තර ක‍්‍රිකට් සම්මාන උළෙලේ ලෝක කණ්ඩායම් තෝරා ගන්නා ලදි
ලෝක ටෙස්ට් කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙලට) -
ඬේවිඞ් වෝනර්, කේන් විලියම්සන්, කුමාර් සංගක්කාර, ඒ. බී. ඩිවිලියර්ස්, ජෝ රූට්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), මිචෙල් ජෝන්සන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ඬේල් ස්ටේන්, රංගන හේරත් සහ ටිම් සවුති
රොස් ටේලර් (අතිරේක ක‍්‍රීඩකයා)
ලෝක එක්දින කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙලට) -
මොහොමඞ් හෆීස්, ක්වින්ටින් ඩි කොක්, විරාට් කෝලි, ජෝජ් බේලි, ඒ. බී. ඩිවිලියර්ස්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), ඞ්වේන් බ‍්‍රාවෝ, ජේම්ස් ෆෝක්නර්, ඬේල් ස්ටේන්, මොහොමඞ් සාමි සහ අජන්ත මෙන්ඩිස්
රෝහිත් ෂර්මා (අතිරේක කී‍්‍රඩකයා)
-033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.