ලබන වසරේදී පැවැත්වීමට නියමිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය නිමා වන විට සිය ආදායම ඩොලර් මිලියන 360 (රුපියල් කෝටි 4095 ක පමණ) ඉක්මවනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය කියයි. ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වන අතර ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් තරග 25 ක් ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙයි.
තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු මස 29 වැනිදා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි. කි‍්‍රකට් කී‍්‍රඩාංගණ අතරේ ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් වන මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ තරගයක් නැරඹිය හැකි පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව 100,024 කි.
ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ අපේක්‍ෂිත ආදායම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 300 ක් පමණ (රුපියල් කෝටි 3406) ඇස්තමේන්තු කර තිබුණද වත්මන් තත්ත්වය අනුව මෙවර ගිම්හානය නිමා වන විට එම ආදායම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 360 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ලෝක කුසලාන තරගාවලියේ ආදායමත් සමගින් වසර 2013-2014 ගිම්හානයේ සිට වසර 2016-2017 ගිම්හානය දක්වා වසර 4 ක කාලයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ආදායමද ඕස්ටේ‍්‍රලියානු ඩොලර් බිලියන 1.22 ක් හෙවත් රුපියල් කෝටි 13,910 ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ආදායම ගණන් බලන්නේ වසර 4 ක කාල සීමාවක් වෙනුවෙනි. වරින් වර ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කරන කණ්ඩායම් අනුව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ආදායම වෙනස් වීම ඊට හේතුව යයි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු කරුණු පහදා දෙති.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය මේ තරම් සාර්ථක වූ වෙනත් කාලසීමවක් නැතැයි පැවසූ 2015 ලෝක කුසලාන තරගාවලියේ සංවිධායකයෝ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සහ ආදායම් ඇතිකරගැනීමේ මූලික උපක‍්‍රම වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 30 ක් අයෝජනය කිරීමට සූදානම් බවද පැවසූහ.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ජේම්ස් සදර්ලන්ඞ් මහතා පැවසූවේ කි‍්‍රකට් කී‍්‍රඩාව මේ තරම් ජනපි‍්‍රය වූ වෙනත් වකවානුවන් නැති බවයි.
”නරඹන්නන්ගේ පැත්තෙන් බැලූවොත් එංගලන්තය 5x0 කින් පරාජය කළ පසුගිය ‘අළු බඳුන’ තරගාවලියේ බොක්සිං දිනයේ (දෙසැම්බර් 26 වැනිදා) මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගය නැරඹීම සඳහා ලෝක වාර්තාගත කී‍්‍රඩා ලෝලී පිරිසක් පැමිණ සිටියා. එදින මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගය නැරඹූ නරඹන්නන් සංඛ්‍යාව 91,112 ක්”
”ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී රූපවාහිනී සේවා ඔස්සේ කි‍්‍රකට් තරග නරඹන පිරිස මිලියන 1.7 ක් පමණ වෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් ක‍්‍රීඩාව මොන තරම් ජනපි‍්‍රයද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්” යයි පැවසූ ජේම්ස් සදර්ලන්ඞ් මහතා...
”ඒ විතරක් නෙමේ... මාර්තු මාසයේ 29 වැනිදා අවසන් වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඕස්ටේ‍්‍රලියානුවන් බලාපොරොත්තු වුණාට වඩා විශාල එකක් වන බවටත් මට ලොකු විශ්වාසයක් තියෙනවා” යයිද පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.