Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිසිත්ගේ ඉවසිල්ලෙන් ජ’පුර ඉනිමට සැනසීමක්

රිසිත්ගේ ඉවසිල්ලෙන් ජ’පුර ඉනිමට සැනසීමක්

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝල්ට්ස් පිටියේ දී ඊයේ (9) ආරම්භ වූ 41 වැනි “කෝට්ටේ සටන” මහ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් කණ්ඩායම ප්‍රතිවාදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට එරෙහිව සිය මුල් ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමසුන්ගේ ඇරියුමින් පළමුව පන්දුවට පහර දුන් ජපුර විදුහල් කණ්ඩායම ඉනිම ආරම්භයේදීම ලකුණු 10කට කඩුලු තුනක් දැවී අසීරු තත්ත්වයකට පත්ව තිබුණි.

එහිදී ක්‍රියාත්මක වූ රිසින් ෂමින්ද වඩාත් සංයමයෙන් යුතුව පන්දුවට පහර දෙමින් හතරේ පහර 10ක් සමග ලකුණු 79ක් ලබා ගත්තේ බුද්ධික චමින්ද හා පස්වැනි කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ගොඩනගමිනි.

එහිදී රිසින් ෂමින්ද ඒ සඳහා පන්දු 182කට මුහුණ දී තිබුණි. අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය ඊයේ දිනයේ අත්හිටුවන විට ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු හතරකට ලකුණු 36ක් රැස්කර තිබුණි.

තරගය දෙවැනි (අවසන්) දිනය අද (10) පෙරවරු 9.30ට ආරම්භ වේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් කණ්ඩායම - සියලු දෙනා දැවී 205
(රිසින් ෂමින්ද ඉෂාර 79, බුද්ධික චමින්ද 38, කවිෂ්ක ගිහාන් බොතේජු 27, මලිදු පෙරේරා 39/3, මාරුත ඩිල්ෂාන් 59/2, කවින්ත පහන් 38/2)

ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම - කඩුලු හතරක් දැවී 36
(නදිෂ් බණ්ඩාර නොදැවී 21, කනිෂ්ක මධුරංග 24/2)


අදහස් (0)

රිසිත්ගේ ඉවසිල්ලෙන් ජ’පුර ඉනිමට සැනසීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.