
කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය සහ වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා සංවිධානය කරන ලද ‘වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අභියෝගතා කුසලාන‘ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජාතික රෝහලේ කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ලෙසින් පැවැත්විණ.
අවසන් මහ තරගය සඳහා ජාතික රෝහලේ කාර්යාලයීය කාර්ය මණ්ඩලය සහ සමගි කණ්ඩායම සුදුසුකම් ලබාගත්හ. අවසන් තරගයේදී සමගි කණ්ඩායම පරාජය කරමින් කසුන් මිෂාර නායකත්වය දැරූ රෝහලේ කාර්යාලයීය කාර්ය මණ්ඩලය ජයගත්තේය. චමින්ද ප්‍රසන්න පෙරේරා, අනුශූරතාව හිමිකරගත් සමගි කණ්ඩායමේ නායකත්වය දැරීය.
දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී සැණකෙළි සිිරියෙන් යුතුව පැවැති මෙම ක්‍රිකට් තරගාලියට විශාල පිරිසක් සහභාගි වූහ. ඊට කණ්ඩායම් 22 ක් ඉදිරිපත්ව සිටි අතර කොළඹ ජාතික රෝහලේ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද තරගාවලියට සහභාගි විය.
තරගාවලිය පසුගිය ඉරිදා (16 වැනිදා) උදෑසන 8.00 සිට සවස 6.30 දක්වාම පැවැත්විණ.
තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අදහස වූයේ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය සඳහා ආතතියෙන් තොරව, විනෝදාස්වාදය ලබාගත හැකි අවස්ථාවක් නිර්මාණය කිරීමයි. තරගාවලියේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් චමින්ද ප්‍රසන්න පෙරේරා මහතා කටයුතු කළ අතර ප්‍රධාන වැඩ පරීක්ෂක නෙළුම්දෙණිය සහ බාහිර වැඩ පරීක්ෂක ඩී.එම්.ආර්. සුමේධ යන මහත්වරුන්ගෙන් ප්‍රධාන සංවිධායකවරයාට හොඳ සහයෝගයක් ලැබිණ.
කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අජිත් කරුණාරත්න මහතා තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීය.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා මෙන්ම තරගාවලියේ වීරයා වශයෙන් මලින් ලක්ෂාන් සම්මාන දිනාගත්තේය. තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස දසුන් කුමාර සම්මාන දිනාගත්තේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.