අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විදුහල සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල අතර රාජසිංහ මධ්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 106 ක ජයක් වාර්තා කිරීමට රාජසිංහ මධ්‍ය විදුහල සමත් විය.
එහිදී රාජසිංහ මධ්‍ය විදුහලේ කුසල් දේශාන් (68) සහ හසල් හංසඳ (58) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම කුසල් පුන්සර ලකුණු 37 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
	
	රාජසිංහ මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 3 ක් දැවී 212
	(කුසල් දේශාන් 68, හසල් හංසඳ 58, දිදුල තේෂාන් 23)
	සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල පළමු ඉනිම - ඕවර 21.3 කදී සියලු දෙනා දැවී 70     
	(ඩී. සන්තුෂ 13 කුසල් පුන්සර 22/5, චනුල් දුල්මෙත් 10/3)
	සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල දෙවැනි ඉනිම - ඕවර 11.4 කදී සියලු දෙනා දැවී 36
	(එම්. අශ්වින් 15, තෙවිදු රෝචන 15/5, කුසල් පුන්සර 15/4)
- 63226
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.