Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රංදීර රණසිංහගෙන් ශතකයක්

රංදීර රණසිංහගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භවූ තරගයකදී නාවික හමුදා පිලට එරෙහිව ශතකයක් (නොදැවී 138) ලබාගැනීමට කුරුණෑගල යොවුන් පිලේ රංදීර රණසිංහ සමත්විය.

කාසියේ වාසිය දිනූ නාවික හමුදා පිලේ නායකයා පළමුව පන්දුවට පහරදීමට කුරුණෑගල යොවුන් පිලට ආරාධනා කළ අතර පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ලකුණු 108 කට කඩුලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සඳහා ලකුණු 189 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු කුරුණෑගල යොවුන් පිලේ ඉනිම ගොඩනැගීමට රංදීර රණසිංහ සහ ළහිරු ජයරත්න සමත්වූහ.

රංදීර රණසිංහ පන්දු 150 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 138 ක් සහ ළහිරු ජයරත්න පන්දු 136 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වූහ.

තවත් තරග 4 ක් අද ආරම්භවූ අතර එහිදී ගාල්ල පිලේ දමිත හුණුකුඹුර (55) සහ රවිෂ්ක විජේසිරි (50), බ්ලූම්ෆීල්ඞ් පිලේ නිපුන ගමගේ (නොදැවී 90), පානදුර පිලේ මින්හාජ් ජලීල් (90) සහ සංජික රිද්ම (51), නුගේගොඩ පිලේ මොහොමඞ් ශිල්මි (64) සහ ජලත් ඛාන් (75) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

කළුතර නාගරික පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඞ් පිලේ ගයාන් සිරිසෝම කඩුලු 7 ක් ද, නුගේගොඩ පිලට එරෙහිව මහනුවර කස්ටම්ස් පිලේ සචිත්‍ර පෙරේරා කඩුලු 6 ක් සහ පානදුර පිලට එරෙහිව ගුවන් හමුදා පිලේ අමිත කෞෂල්‍ය කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කුරුණෑගල යොවුන් පළමු ඉනිම -  කඩුලු 7 ක් දැවී 297
(අනුරුද්ධ රාජපක්ෂ 24, රංදීර රණසිංහ නොදැවී 138, ළහිරු ජයරත්න නොදැවී 68, ඩිලංක අවඩ් 79/3, සතික් නිමල්ෂ 80/3)


ගාල්ල 256, පොලිස් 19/0
පොලිස් සහ ගාල්ල කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
ගාල්ල පළමු ඉනිම -  සියලුදෙනා දැවී 256
(දමිත හුණුකුඹුර 55, විනුර දුල්සර 49, නිමේෂ් පෙරේරා 24, රවිෂ්ක විජේසිරි 50, අකලංක ගනේගම 20, සුපුන් මධුශංක 36/3, අසෙල් සිගේරා 55/3, මහේෂ් ප්‍රියදර්ෂණ 55/2)
පොලිස් පළමු ඉනිම -  කිසිවෙකු නොදැවී 19


ගයාන් සිරිසෝමගෙන් කඩුලු 7 ක්
බ්ලූම්ෆීල්ඩ් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම -  සියලුදෙනා දැවී 120
(ඉසුරු ප්‍රදීප් 23, මොටෂිම් අලී 28, එරංග රත්නායක 25, ගයාන් සිරිසෝම 32/7, චතුර ඔබේසේකර 35/3)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 212
(නිපුන ගමගේ නොදැවී 90, චාමර සිල්වා 37, සමීන් කඳනආරච්චී නොදැවී 48, ඉෂාන් ඔබේසේකර 71/2, එරංග රත්නායක 73/2)


ජලීල්ට ශතකය අහිමිවෙයි
පානදුර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී
පානදුර පළමු ඉනිම -  සියලුදෙනා දැවී 234
(විශ්ව චතුරංග 23, මින්හාජ් ජලීල් 90, සංජික රිද්ම 51, අමිත කෞෂල්‍ය 41/5, අරවින්ද ප්‍රේමරත්න 51/4)
ගුවන් හමුදා පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 140
(රවිඳු සෙම්බුකුට්ටිගේ 20, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 44, මාධව නිමේෂ් 28, චලන ද සිල්වා 33/2)


සචිත්‍ර පෙරේරාගෙන් කඩුලු 6 ක්
නුගේගොඩ සහ මහනුවර කස්ටම්ස් කණ්ඩායම් අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ පළමු ඉනිම -  සියලුදෙනා දැවී 298
(පැතුම් මධුසංක 43, ඉරෝෂ් සමරසූරිය 42, මොහොමඩ් ශිල්මි 64, ජලත් ඛාන් 75, බසිට් අලී 49, සචිත්‍ර පෙරේරා 106/6, උමේඝ චතුරංග 64/2)
මහනුවර කස්ටම්ස් පළමු ඉනිම -  කඩුල්ලක් දැවී 22

 


අදහස් (0)

රංදීර රණසිංහගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.