Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ක්‍රිකට් පිල ලෝක කුසලානයට යයි

යොවුන් ක්‍රිකට් පිල ලෝක කුසලානයට යයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනවාරි මස 6 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (27 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස්ට හිමිවී ඇති අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ජෙහාන් ඩැනියෙල් එහි උප නායකයා ලෙස කටයුතු කරයි.

ගාල්ල රිච්මන්ඞ්, මහනුවර ත්‍රිත්ව, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් යන විදුහල් වලින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, කොළඹ ශාන්ත ජෝශප්, කඳාන ද මැසිනොද්, ගල්කිස්ස සාන්ත තෝමස්, ගාල්ල මහින්ද, වෙන්නප්පුව ජෝශප් වාස්, මොරටු මහ විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර යන විදුහල් වලින් එක් ක්‍රීඩකයා බැගින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 16 ක් සහභාගිවන අතර ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

 

ශ්‍රී ලංකා වයස 19 පහළ සංචිතය
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අෂේන් බණ්ඩාර, ක්‍රිෂාන් සංජුල, නිෂාන් මධුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, හරීන් බුද්ධිල, තිසරු රශ්මික, කළණ පෙරේරා සහ නිපුන් මාලිංග

 


අදහස් (0)

යොවුන් ක්‍රිකට් පිල ලෝක කුසලානයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.