Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුනිස්ගේ වාර්තාව සද්‍රාන් බිඳ දමයි

යුනිස්ගේ වාර්තාව සද්‍රාන් බිඳ දමයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ජාත්‍යන්තර තරගයකදී කඩුලු 5 ක් දවාගත් ලබාලම පන්දු යවන්නා බවට පත්වීමට ඇෆ්ගනිස්ථානයේ පාදඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් සද්‍රාන් පසුගියදා සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති සිවුවැනි තරගයේදී සද්‍රාන් එම දක්ෂතාව දැක්වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16 දින 325 ක් ලෙස සටහන් විය.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ පාකිස්තානයේ වකාර් යුනිස් විසිනි. ශ්‍රී ලංකාවට එරෙහිව 1990 වසරේදී පැවැති තරගයකදී එම දස්කම දක්වන විට යුනිස්ගේ වයස අවුරුදු 18 දින 164 ක්ව තිබිණ.

මේ වනවිට තරග 7 කට ක්‍රීඩාකර ඇති සද්‍රාන් එහිදී කඩුලු 18 ක් දවාගැනීමට සමතව සිටියි.

සද්‍රාන්ගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති සිවුවැනි තරගය ජයගත් ඇෆ්ගනිස්ථානය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-1 ක් ලෙස ජය ගැනිමටද සමත් විය.

2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ලබන මස සිම්බාබ්වේ හිදී පැවැත්වෙන අතර එම තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නැවතත් මුණගැසෙනු ඇත.

 


අදහස් (0)

යුනිස්ගේ වාර්තාව සද්‍රාන් බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.