Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යසෝධරාවෝ අවසන් පූර්ව වටයට
19 න් පහළ අන්තර් පාසල් කාන්තා ක්‍රිකට්

යසෝධරාවෝ අවසන් පූර්ව වටයට

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ යසෝධරා විද්‍යාලය සමත්විය. බණ්ඩාරගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ යසෝධරා විද්‍යාලය විසින් අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 95 කින් පරාජය කරන ලදි.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ යසෝධරා විද්‍යාලය නියමිත ඕවර 25 තුලදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172 ක් රැස් කළ අතර, අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයට නියමිත ඕවර 25 තුළදී කඩුලු 7 ක් පමණක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 77ක් පමණි.

ලිහංසා දුල්මි පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 40 ක් රැස් කළ අතර,  පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 13 කට කඩුලු 2ක් දවාගත්තාය.

 

කොළඹ යසෝදරා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 5 ට 172 යි
(වෙතුම්‍යා වෙත්නාදි 56, ලිහංසා දුල්මි 40, සහේලි දිසානායක 24, සන්දිනි සියත්‍රා 23, දිමාෂා මල්ෂි 30/2)

අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 7 ට 77 යි
(නෙතිනි සඳිංසා නොදැවී 38, වෙතුම්‍යා වෙත්නාදි 13/3, ලිහංසා දුල්මි 13/2)


අදහස් (0)

යසෝධරාවෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.